සමගි ජන බලවේගයේ තවත් ප්‍රභල බල කණුවක සහාය රනිල්ට!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ (LNW):

සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වූවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පිටත්ව යාමට සුළු වේලාවකට පෙර ෆ්ලවර් රෝඩ් හි පිහිටි කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරයා තමන්ගේ සහාය ජනාධිපතිතුමාට ලබාදෙන බවට වන සුබ ආරංචිය ලබාදුන්නේය.

සමගි ජන බලවේගයේ වතුකරය නියෝජනය කරන ප්‍රභල මන්ත්‍රී වරයෙක් වන වේලු කුමාර් මහතා 2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් ජයගෙන පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේය.

2019 වසරේ පැවති මහ මැතිවරණයෙන්ද ජයගත් ඒ මහතා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් හිමි කරගත්තේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...