යාපනයෙන් අරඹන දිලිත්ගේ ජනපති ගමන!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ (LNW):

අද (16) පෙරවරුවේ සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක, දිලිත් ජයවීර මහතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජී හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අස්සජී හිමියන් සමඟ සුහද කතාබහක නිරත වූ දිලිත් ජයවීර සර්වජන බලයේ දෙවැනි කෙටුම්පත ද උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබූ අතර, විහාරස්ථානයට රැස්ව සිටි පිරිස සමඟ ද ව්‍යවසායක දිලිත් ජයවීර සුහද කතාබහක නිරතව ඇත.

හෙට (17) දින සර්වජන බලය රැලි මාලාවේ මංගල රැලිය, ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ප්‍රධානත්වයෙන් යාපනයෙන් ආරම්භ කිරීමට නියමිත අතර ,ජනාධිපතිවරණයක දී ජාතික මට්ටමේ සන්ධානයක ජනපති ධුර අපේක්ෂකයෙක් සිය මංගල ජන රැලිය යාපනයෙන් ආරම්භ කරන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ද මෙය වන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර දහ අටක් කෑ දීගයක ආනන්දය

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: වසර 18 ක සම්බන්ධයක්...

වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW: රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ...

චෙම්මනි ඛේදවාචකය: මිනිස් සිරුරු100 ඉක්මවයි, ස්ථානීය ආරක්ෂාවත් දැඩි කරයි! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...

10% ඒවා දැන් නැහැ. බය නොවී ඇවිත් ආයෝජනය කරන්න!

කොළඹ LNW:10% නොදී ව්‍යාපාර කිරීමට අවස්ථාවක් නොතිබුණු තත්ත්වය මේ...