කොච්චර ඔළුගෙඩි එකතු වුණත් වැඩක් නැහැ.ජනතාව ඉන්නේ ජාතික ජන බලවේගය එක්ක – AKD

Date:

කොළඹ LNW:කොච්චර ඔළු ගෙඩි එකතු වුණත් ජනතාවගේ එකතුව ඇත්තේ ජාතික ජන බලවේගය සමඟ බව එහි නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

දැන් රටට අවශ්‍ය වන්නේ පැරණි මුහුණු නොව අලුත් මුහුණු වන අතර රට ගැන අවංකභාවය තිබෙන වැඩපිළිවෙලක් තියෙන දක්ෂ අදුෂිත කණ්ඩායමක් අවශ්‍යය බවත් එම කණ්ඩායම සිටින්නේ ජාතික ජන බලවේගයේ බවත් දිසානායක මහතා කියා සිටියි.

”ගිය අවුරුද්දේ වෙඩින් එක අරගෙන මේ අවුරුදේ ආයේ වෙඩින් එකක ගණන්වා වගේ වැඩ තියෙන්නේ. ඔය එකතු වෙච්ච ඔක්කොම බලපුවහම 2020 මහම්තිවරණ ලයිස්තුවේ හිටපු අය. එහෙම නැත්නම් රාජපක්ෂ ආණ්ඩුවේ විනාශකාරී තත්ත්වයන්ට වගකිව යුතු අය. ඒ නිසා මෙතැනදී කිසිදු බලපෑමක් නැහැ. ඔය උදඩ කොච්චර ඔළු එකතු වුණත් වැදගත් වෙන්නේ ජනතාවගේ එකතුව. ජනතාවගේ එකතුව තියෙන්නේ ජාතික ජන බලවේගයත් එක්ක. අත්හදා බැලීම් කෙසේවෙතත් වෙනසක් කරන්න ඕනේ කාලය මේ. මොකද ජනාධිපතිවරයාත් ඔහු නියෝජනය කරන කඳවුරත් ඇති තරමට මේ රටේ ජනතාව අත්හදා බලල තියෙන්නේ. ඒ නිසා තවදුරටත් එගොල්ලොන්ම අත්හදා බලන්න ඕන නැති එක ඇත්ත. ඒ නිසා අද අවශ්‍ය වෙලා තියෙන්නේ මේ පැරණි මුණු නෙවෙයි අලුත් මුහුණු. මේ රට ගැන අවංකභාවය තිබෙන වැඩපිළිවෙලක් තියෙන දක්ෂ අදුෂිත කණ්ඩායමක් අවශ්‍යයි. අන්න ඒ කණ්ඩායම තමයි ජාතික ජන බලවේගය.” යනුවෙන් ඔහු අවධාරණය කරයි.

අනුර දිසානායක මහතා මෙම අදහස් දක්වා සිටියේ අද (16) මීරිගම කඳන්ගමුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරස්ථානයේදී රාමඤ්ඤ මහ නිකායේ මහනායක පූජ්‍ය මකුලෑවේ විමල නාහිමි බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුන්දර් පිචායි නිල වශයෙන් බිලියනපතියෙකු බවට පත් වේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගූගල් හිමිකාරීත්වය දරන...

එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අධ්‍යනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන්...

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි...

කොඩි දාන්ට ලයිට් කණු බඩගාන අය හිතන් ඉන්න දේ සහ ඇත්තටම වෙන දේ ….

ඕනෑම දේශපාලන පක්ෂයක කොඩිවැල් අදින්ට ලයිට් කනු දිගේ බඩගාන...