*
Monday, October 7, 2024
spot_img

Latest Posts

දූෂණය වංචාව තුරන් කර ශ්‍රී ලාංකිකත්වය රජයන යුගයකට පෙළගැසෙමු – කුරුණෑගල අති දැවැන්ත රැලිය ඇමතූ සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

අපේ රටේ ඉතිහාසය අලුතින් ලියැවෙන මොහොතේ මේ වැඩපිළිවෙළේ සාක්ෂිකරුවන් නොවී මේ වැඩපිළිවෙළේ කොටස්කරුවන් හා පාර්ශ්වකරුවන් බවට පත්ව රට දිනවන ගමනේ කොටස්කරුවන් බවට පත්වන ලෙසත් රට ශක්තිමත් කරන ගමනේ පාර්ශ්වකරුවන් බවට පත්වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස තමන් පසුගිය කාලයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් සටන් කළ.බවත් දූෂණය වංචාව තුරන් කිරීමේ අරමුණින් විශාල වැඩ කොටසක් ඉටු කළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කයියනායකයින් මෙන් වේදිකාවේ රගපෑම් නොකළ බවත් හිස් ෆයිල් පෙන්වා ජනතාව අන්දවන රංගනවල නිතර නොවු බවත් විපක්ෂයක් ලෙස රට බංකොලොත් කළ රාජපක්ෂවරුන් නීතිය හමුවට ගෙනවිත් රාජපක්ෂවරුන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට වන අධිකරණ තීන්දුව ලබාගත් බවත් සිහිපත් කළේය.

රටේ සම්පත් හොරා කා රටේ මුදල් හොරා කා රටට අහිමි කළ සම්පත් නැවත රටට ලබා ගැනීමට පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ඉදිරිපත් කලේ සමගි ජන බලවේගය බවත් මොනම හේතුවකටවත් තමාට හෝ පක්ෂයට හොරුන් සමග ඩීල් නොමැති බවත් හොරුන් රකින රැකවලා සමගවත් ඩීල් නොමැති බවත් මේ කට්ට කයිරාටික දේශපාලන සංස්කෘතියට නැවතිමේ තිත තබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (16) කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගනයේ පැවැති සමගි ජන බලවේගයේ විජයග්‍රාහී මංගල රැළිය අමතමිනි.

බාර් ලයිසන් එකට වයින් ස්ටෝර්ස් එකට වරප්‍රසාද වරදානවල මන්ත්‍රීවරුන් විකිණෙන යුගය අවසන් කරන බවත් විවිධ අය විවිධ පාර්ශ්වවලට යන නමුත් සමගි ජන බලවේගයට පැමිණි මන්ත්‍රීවරුන් වරදාන වරප්‍රසාද වලින් තොරව ප්‍රතිපත්ති ගරුකව පමණක් ආ බවත් තම පක්ෂයේ මුදල් වෙන් කරන්නේ සක්වල හා හුස්ම වැඩසටහනට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පනින අයට පනින්න දෙන ලෙසත් සැප්තැම්බර් 21 දා ජනාධිපති තෝරන්නේ අනුප්‍රාප්තිකව නොව ජනතාවගේ ජන්දයෙන් බවත් සිහිපත් කළ විපක්ෂ නායකවරයා එදිනට පොදුජන ජනාධිපතිවරයකු පත්වන බවත් සමගි ජන බලවේගය කියන දේ කරන කරන දේ කියන පක්ෂයක් බවත් සඳහන් කළේය.

පසුගිය කාලයේ ජාතිවාදය ආගම්වාදය වෛරය කෝපය කේන්ද්‍රීයව අවි අමොරා ගත් දේශපාලන නායකයන් බිහි වුවත් ඒ වෛරය මැදින් සමගියේ බීජය පැල කර සමගි ජන බලවේගය බිහි කළ බවත් බෙදා වෙන් කරන පිළිකාව වෙනුවට ආදරය කරුණාව සංවේදී භාවය ඇති රාජ්‍ය පාලනයක් අවශ්‍ය බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා තුවාල ලත් දේශය සුවපත් කරන්න තමන් සූදානම් බවත් ප

තවද රටේ ගැටලු අන්තවාදී සමාජවාදී වැඩපිළිවෙළට විසඳිය නොහැකි බවත් දුෂණය වංචාව හොරකම තුරන් කර හොරුන් හොරා කැ සම්පත් නැවත රටට ලබා ගන්නා ගමනකට සමගි ජන බලවේගයට ශක්තිය ලබා දෙන ලෙසත් පැවසූ ඒ මහතා හොර බෙහෙත් වංචාව ක්‍රියාත්මක වූ අවස්ථාවේ පවා සමගි ජන බලවේගය විශ්වාසභංගය පවා ගෙන ආ බවත් එම ඖෂධ වංචාවට සම්බන්ධ අයට, ඖෂධ වංචාවට පක්ෂව පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් අයට නැවත රට බාර නොදී නිවැරදි තින්දුව ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan