සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු මහතා සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් සමගි ජන සන්ධානය සමග එක්වූයේය.
ඒ, අද (17) මේ වනවිට අකුරැස්සේදී පැවැත්වෙන සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ රැලියේදී ය.
කරුණා කොඩිතුවක්කු මහතා 2020 මහමැතිවරණයේදී මාතර දිස්ත්‍රික් පොහොට්ටු අපේක්ෂකයින් අතරින් දෙවැනි ස්ථානයට පත්වෙමින් ජයග්‍රහණය කළේ මනාප 114,319ක් ලබමිනි.