තුර්කි පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තුර්කි පාර්ලිමේන්තුවේ සිදුවූ ගුටිබැට හුවමාරුවකින් මන්ත්‍රීවරුන් තිදෙනෙකු තුවාල ලබා ඇත.

ආණ්ඩුව පෙරළා දැමීමට උත්සාහ කිරීමේ චෝදනාව මත වසර 18ක සිරදඬුවම් නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදිය යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන අටලේ ඉල්ලීම් කිරීමත් සමග මෙම ගැටුම හටහටගෙන ඇත.

මෙම ප්‍රකාශයට උරණ වූ පාලක ඒ කේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඔහුට පහර දීමත් සමග තුර්කි පාර්ලිමේන්තු සභිකයින් අතර ගුටි බැට හුවමාරුව ආරම්භ වී ඇති අතර , සිරදඬුවම් නියමව සිටින පුද්ගලයා සිරගතව සිටියදීම පසුගිය වසරේ පැවති මැතිවරණයට ඉදිරිපත්ව ජය ගැනීමට සමත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගැටුම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ ලේ වැගිරී ගිය බවයි.

මේ පිළිබඳ එරට පාර්ලිමේන්තු මට්ටමින් පරීක්ෂණයක්ද ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...