ජයග්‍රහණයෙන් පසු සාමය ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ආරක්ෂා කරන්න – අනුර මාලිමාවුන්ගෙන් ඉල්ලයි !

Date:

කිසිවෙකුගෙන් පෞද්ගලිකව පළිගැනීමට තමන්ට අවශ්‍ය නොමැති බැවින් සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ආරක්ෂා කරන්නැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

“මහ වැසි නොතකා පැමිණ සිටින මේ දස දහස් සංඛ්‍යාත ජනතාව අපට සහතික කර සිටින්නේ ලබන සැප්තැම්බර් විසි එකවැනිදාට අපේ ජයග්‍රහණය නියත බවයි. සැප්තැම්බර් විසි එක කියන්නේ මේ රට වෙනස් කරන ජාතික ජන බලවේගය දිනවන දිනය. අද මේ පාලකයින් විසින් අපට උරුම කර දී තිබෙන්නේ රටේ සියලු ජනතාවගේ බලාපොරොත්තු බිඳ දැමූ රටක්; අපකීර්තියට භාජනය කරන ලද රටක්. මේ අසාර්ථක පාර දිගේ තවදුරටත් ගමන් කරනවා ද, නැතිනම් මෙයින් මිදිලා නව රට ගොඩනගන මාවතක යනව ද කියලා දැන් ඔබ තීන්දු කළ යුතුයි. කිසිවෙකුගෙන් පෞද්ගලිකව පළිගන්න අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා, ජයග්‍රහණයෙන් පසු සාමය ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ආරක්ෂා කරන්න කියලා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (17) තංගල්ල බස් නැවතුම්පොලේ පැවති ඒ මහතාගේ මංගල ජන රැලිය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...

බැකෝ සමන් සහ තැඹිලි ලහිරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන...