විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම අහෝසි කරනවා. පාර්ලිමේන්තුව කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට යනවා – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් බලයට පැමිණි පසුව විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම අහෝසි කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“කීදෙනෙක් කොච්චර කයිවාරු ගැහුවාද විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවායි කියලා. කවුරුත් වෙනස් කළේ නැහැ. හැමෝටම ඒ පුටුවට ගියාම මතක තියෙන්නෙ කොහොමද හරි අපි ඉන්න ඕනෙ මේ ජනාධිපති තනතුරේ කියලා. මම එකක් ඔබට කියන්න කැමතියි. මට මේ තනතුරු ආසාව නැහැ. මට මේ තානාන්තර ආසාව නැහැ. මම අවංකව මේ තුන් කෝරළේ සිට රටේ ජනතාවට පොරොන්දු වෙනවා, විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම ඉවත් කරනවා. ඉවත් කරලා පාර්ලිමේන්තුව කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අපිත් වැළඳගන්නවා කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මේ සටකපට, වංචාකාර, දූෂිත දේශපාලන ක්‍රමය අපි හැමෝම අත්වැල් බැඳගෙන වෙනස් කරමු”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (18) රුවන්වැල්ලේදී පැවති සමගි ජන සන්ධානයේ ප්‍රචාරණ රැලිය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...