තරුණ නායකයකු ලෙස රටේ අනන්‍යතාවය රැකෙන ලෙස වැඩ කරන්න, නාමල්ට අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන්ගෙන් අනුශාසනා!

0
642

රෂිකා හෙන්නායක අගෝස්තු 19, කොළඹ (LNW):

නාමල් රාජපක්ෂ මහතා අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් බැහැදැකීමට පැමිණ උන්වහන්සේ ගේ ආශිර්වාද ලබා ගෙනඇති අතර, තරුණ නායකයකු ලෙස ජනතාව නගාසිටුවා රටේ අනන්‍යතාවය රැකෙන ලෙස වැඩකටයුතු කරනමෙන් උන්වහන්සේ ඔහුට අවවාද අනුශාසනා කිරීමෙන් පසු පාස්කු ප්‍රහාරය ට වගකිවයුතු අය සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වාධීන කොම්ෂන් සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවය ද පවසා ඇත.

නාමල් රාජපක්ෂ මහතා ද මෙම කරුණ සම්බන්ධයෙන් පරික්ෂණ කිරීමට අධිකරණමය ස්වාධීන කොම්ෂන් සභාවක් පත්කිරීමේ අවශ්‍යතාවය පිලිගත් බව පැවසේ.