වාසි වෙනුවෙන් ජන්ද කාලෙට අපේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ – නාමල් රාජපක්ෂ

Date:

කොළඹ LNW: මැතිවරණ කාලයේ වාසි ලබා ගැනීම වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කරන දේශපාලනය නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රටේ ජනතාවට පිළිගත හැකි ප්‍රතිපත්ති ඉදිරිපත් කරන අතර රටේ අනාගතය සුරක්ෂිත කරන ප්‍රත්පත්ති ඉදිරිපත් කරන බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

”පැහැදිලිවම මේ රටේ ජනතාවට පිළිගත හැකි ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කරනවා මේ රටේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කරනවා. අපේ ගණුදෙනුව තියෙන්නේ ගම් මට්ටමින් ජනතාව එක්ක. අපි හැමදාම හිටියා එකම ප්‍රතිපත්තියක් මත. ඒ කියන්නේ ඒකීය රටක් කියන කාරණය. උතුර නැගෙනහිර ඒකාබද්ධ නොකළ යුතුයි කියන තැන. පොලිස් ඉඩම් බලතල දෙන්නේ නැහැ කියන කාරණය. අනිත් දේශපාලන පක්ෂ වගේ මැතිවරණ කාලේදී වාසි ලබා ගන්න අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. උතුරු නැගෙනහිර ජනතාව මාව විශ්වාස කරනවා. මොකද මම ඒ අයට ඇත්ත කියනවා. කරන්න පුළුවන් දේ පුළුවන් කියනවා. බැහැ නම් බැහැ තමයි. පැහැදිලිවම පොලිස් හා ඉඩම් බලතල දෙන්න බැහැ. උතුර නැගෙනහිර ඒකාබද්ධ කරන්න බැහැ. මේ රට බෙදන්න බැහැ. ඇත්ත කියල උතුරේ තරුණ ජනතාවට සහ අනාගත පරම්පරාවට අපි යතාර්ථය පැහැදිලි කරනවා මිසක් මැතිවරණ කාලේ වාසි ලබාගන්න බොරු කියන එක හොඳ නැහැ. 2015 රට සංවර්ධනය නතර වූ තැනින් ඉදිරියට අපි අරගෙන යනවා.” යනුවෙන් රාජපක්ෂ මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...