ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 19, කොළඹ (LNW):

මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (19) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර දහස් ගණනක් ජනතාව සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පෙරහර නැරඹීමට එක් විය.


මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්ත, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...