ජනාධිපතිවරණයේ උපරිම ප්‍රචාරක වියදම් සීමාව නියම කරමින් අතිවිශේෂ ගැසට්ටුව නිකුත් වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකුට එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් වශයෙන් නියම කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එක් අපේක්ෂකයකුට මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම වියදම් සීමාව රුපියල් 1,868,298,586.00 කි. (එකසිය අසූ හය කෝටි අසූ දෙලක්ෂ අනූ අට දහස් පන්සිය අසූ හයක්)

මෙම මුදලින් 60%ක් අපේක්ෂකයාට තම ප්‍රචාරක වියදම් ලෙස දැරිය හැකි අතර ඔහුව යෝජනා කළ දේශපාලන පක්ෂයට හෝ නාමයෝජනා කළ ඡන්ද හිමියාට අනෙක් 40% ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කළ හැකිය.

මීට අදාළ අනෙකුත් විස්තර ද සහිතව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...