දිනුවොත් වඩාත්ම බිඳෙනසුළු (fragile) ජනාධිපති වෙන්නෙ අනුර. එහෙම කියන්නෙ මේ හින්දා,
ඔහු එන්නෙ 48 ඉඳන් රට පාලනේ කරපු සියලු ආණ්ඩු පතුරු ගහලා. මාලිමාවට අයිති නැති සියලු දෙනා දූෂිතයින්, මෝඩයින්, නූගතුන් විදියට ජනමනස හදලා. හොරු අල්ලා දඬුවම් දීම රජයේ පලමු හා ප්‍රධාන රාජකාරිය කරගෙන. රට දියුණු නොවීමට හේතුව තමනුත් සහය දීපු වාමාංශික සුභසාධන ආර්ථික ප්‍රතිපත්ති නෙවේ, හොරාකෑම කියල සපථ කරල. හොරාකෑම නතර කරපු ගමං රට හැදෙනවා කියල තරුණ පරපුරට ෆැන්ටසියක් දීල. සමස්ථ පද්ධතියම කන්ඩෙම් කරල අලුත්ම පරමාදර්ශී රිප්ලේස්මන්ට් එකක් (?) යෝජනා කරල …
සපෝටර්ස්ලටත් මාලිමාව එක්ක තියෙන්නෙ දේශපාලන ගනුදෙනුවකට එහා ගිය රොමෑන්තික බැඳීමක්. හැඟීම් පොදියක්. සමහරුන්ට මාලිමාව දැක්කම බඩු පිටවෙන සයිස්. පුද්ගලික අරමුණු නැති, රහසින්වත් හොර නොකරන, පොදු අරමුණු වෙනුවෙන්ම කැපවුනු එකම මිනිස් සමූහයක් මාලිමා පාලනයක් තුල හැදෙනවා වගේ සංකල්පීය චින්තනයක් තමා එතන පදනම ….
මාලිමා පාලනේක ඉහල සිට පහලම තැන දක්වා කිසිම එකෙක් අතින් පුංචි හෝ වරදක් වෙන්න ඉඩක් එයාලම හදපු මේ රැල්ල ඇතුලේ ඉතිරිකරල නෑ. කිසිම කෙනෙක්ට පුංචි හෝ පුද්ගලික අරමුණක් ඉටුකරගන්න අවස්ථාවක් නෑ. එයාලට සිද්ධ වෙනවා මේ මහා ෆැන්ටසිය කලින් පාලකයො කරපු පුංචිම පුංචි වරදක් හෝ නොකර පොලවේ ක්‍රියාත්මක කරන්න ….
මගේ මතේ මාලිමාව මේ තරම් ප්‍රබල වුනේම යථාර්තයට ගොඩක් දුර මේ ලස්සන ෆැන්ටසිය නිසා කියල. ඕනෑම දෙයක් ගැන හෝප්ස් වැඩිවෙන තරමට ඉතා සුලු දේකින් පවා ඒවා විනාශ වෙන්න තියන ඉඩත් වැඩියි. රනිල් හෝ සජිත් ගැන ඒ දෙන්නට ඡන්දෙ දෙන උන්ටවත් මේ තරම් මහා හෝප්ස් ගොඩක් නෑ. ඒ නිසාම වැරදුනත් වෙන්න තියන හානිය අවමයි වගේම නොහිතන හොඳ දේකින් ලැබෙන්න තියන ලකුණුත් වැඩියි ….
~ ශ්‍රීනාත් දිසානායක
RN