ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ සම සංවිධායක ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (21) උදෑසන මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 78 වැනි වියේ පසුවිය.

එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට අවතීර්ණ වූ ජයන්ත ද සිල්වා මහතා කොළඹ මහ නගරසභාවේ මන්ත්‍රීවරයකු ලෙසත් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙසත් දශක තුනක් තිස්සේ දේශපාලනයෙහි නිරත වූ අයෙකි.

ඒ මහතා විසින් ආරම්භ කරන ලද ප්‍රඥා ප්‍රදීප ශිෂ්‍යත්ව වැඩසටහන තුළින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් විශාල පිරිසකගේ අධ්‍යාපනයට අත්වැල් සපයනු ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...