අභියෝගයක් නැහැ. තරඟයක් විතරයි තියෙන්නේ. අපි තරගෙන් දිනනවා – තිස්ස

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර මේ වන විට සමඟි ජන සන්ධානයට ජයග්‍රහණය ගැන අභියෝගයක් නොමැති බව සමාහි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මේ වන විට මුළු රටම සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළගැහෙමින් සිටින බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙලද ආරම්භ කර තිබෙන බවත් සිවිල් සංවිධාන ගණනාවක් සමඟද ගිවිසුම් ගතවූ බවත් මන්ත්‍රීවරයා පවසයි.

තරඟයක් තිබිය හැකි වුවත් එය අභියෝගයක් ලෙස භාර නොගන්නා බව ඔහු කියාසිටියි.

මේ අතර අධිකරණ තීන්දුවක් හරහා අහිමි වුණු ඇමති ධූර වෙනුවට ඇමති ධුරයෙ නමින් උපදේශක තනතුරක් දීම කිසිසේත්ම අනුමත නොකරන අතර එය සාවද්‍ය ලෙස බලය පරිහරණය කිරීමක් බවයි අත්තනායක මහතා පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...