කොකෝවා පල්ප් ද යොදා ගනිමින් චොක්ලට් නිෂ්පාදනයට නව මුහුණුවරක් හඳුන්වා දෙන ස්විස්ටර්ලන්තය!

Date:

සටහන – පුන්සරා ලියනගේ

අගෝස්තු 28 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:ස්විට්සර්ලන්තයේ ආහාර විද්‍යාඥයින් විසින් සම්පූර්ණ කොකෝවා පලතුරම භාවිතා කර සහ සීනි භාවිතා නොකර චොකලට් සෑදීමේ ක්‍රමයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විද්‍යාඥ කිම් මිශ්‍රා සහ ඔහුගේ කණ්ඩායම විසින් සූරිච් හි ෆෙඩරල් තාක්ෂණ ආයතනයේදී නිපදවන ලද මෙම නව චොක්ලට් නිෂ්පාදනය සඳහා කොකෝවා පළතුරු පල්ප්, යුෂ සහ ලෙල්ල ආදියද ඇතුළත් කර තිබේ.

මෙම ක්‍රියාවලිය දැනටමත් තිරසාර ආහාර සමාගම්වල අවධානයට ලක්ව ඇත.

ඔවුන් පවසන්නේ සාම්ප්‍රදායික චොකලට් නිෂ්පාදනය තුළ කොකෝවා ඇට පමණක් භාවිතා කිරීම වෙනුවට එහි පල්ප‍ය තුළ පවතින රසද කැටි කරමින් මෙලෙස නව නිෂ්පාදනයක් හඳුන්වා දීම කදිම අදහසක් බවය.

කොකෝවා පල්පය අන්නාසි යුෂට සමාන රසයක් ගෙන දෙන බවද, මිෂ්රා මහතා පැහැදිලි කළේය.

මෙම කොකෝවා පල්පය, චොකලට් සෑදීම සඳහා කොකෝවා ඇට වලට එකතු කරන විට, සීනි සඳහා වන අවශ්‍යතාවය නැති කරන බව පැහැදිලි කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...