වසරේ ප්‍රබලතම ටයිෆූන් ෂැන්ෂාන් කුණාටුව ජපානයේ කියුෂු දුපතට කඩා වදියි

Date:

සටහන : සශිකලා මධුෂාණි
අගෝස්තු මස 29: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ධාරානිපාත වර්ෂාව සමඟ පැයට කිලෝමීටර 252 (පැයට සැතපුම් 157) දක්වා තද සුළං සහිතව වසරේ ප්‍රබලතම ටයිෆූන් ෂැන්ෂාන් සුළි කුණාටුව අද(29)උදැසන 8ට පමණ ජපානයේ කියුෂු දූපතට ගොඩ බස ඇති බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කර තිබේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් 10 වන කාණ්ඩයේ ප්‍රබල සුළි කුණාටුවක් වශයෙන් හඳුනාගන්නා ෂැන්ෂාන් කුණාටුව විශාල හානියක් සිදු කිරීමට සමත් කුණාටුවක් බවට විශ්වාස කෙරේ.

කුණාටුව හේතුවෙන් මේ වන විටත් නිවාස 254,610 කට දැනටමත් විදුලිය විසන්ධි වී ඇති අතර ඉදිරි පැය 48 තුළ දකුණු කියුෂුහි මිලිමීටර් 1,100 (අඟල් 43) වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ, දකුණු කියුෂු හි ප්‍රාන්තයක් වන කගෝෂිමා හි බොහෝ ප්‍රදේශවලට බලධාරීන් දුර්ලභ විශේෂ ටයිෆූන් අනතුරු ඇඟවීමක් නිකුත්කර ඇත.

ජපන් එයාර්ලයින්ස් බදාදා සහ බ්‍රහස්පතින්දා සඳහා සැලසුම් කර තිබූ අභ්‍යන්තර ගුවන් ගමන් 172 ක් සහ ජාත්‍යන්තර ගුවන් ගමන් 6 ක් ඇතුළු ගුවන් ගමන් 25,000 කට අධික ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර Kyushu දුම්රිය බදාදා රාත්‍රියේ සිට Kumamoto සහ Kagoshima Chuo අතර සමහර බුලට් දුම්රිය සේවා අත්හිටුවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය නිෂ්පාදකයින් රැකගන්න පාර්සල් රේගු බදු වෙනස් කළා. වැඩේ ගාණට යනවා – ඇමති චතුරංග

ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයින්ට දැවැන්ත තර්ජනයක් වී පැවති තනි...

Starlink : රනිල් මස්ක්ට ස්තූති කරයි. ඉක්මනින් නැවත හමුවීමටත් බලාපොරොත්තුවෙන්

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය ලබාදීම...

කහවත්තේ OIC යාපනයට මාරු කරයි

කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාසයට මාරුකර තිබේ. ඒ,...

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...