අපිට ප්‍රතිපත්තියක් නෑ කියපු සජබෙ අන්න අපේ ප්‍රතිපත්තිය කොපි කරනවා – හදුන්නෙත්ති

Date:

කොළඹ LNW:වැඩපිළිවෙලක්,සැලස්මක්,ප්‍රතිපත්තියක් නැතැයි ජාතික ජන බලවේගයට අභියෝග කරමින් සිටි සමඟිය මේ දිනවල මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොපි කරමින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සාදමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

පසුගිය 22 වැනිදා සජබය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට සූදානමින් සිටියද තවමත් එය ලියා ගන්න බැරුව සිටින අතර මාලිමාවේ ප්‍රතිපත්තිය කොපි රයිට් කරමින් සිටින බවයි හදුන්නෙත්ති මහතා සඳහන් කරන්නේ.

”අපි දන්නවා ජාතික ජන බලවේගයට වැඩපිළිවෙලක් නැහැ,ප්‍රතිපත්ති නැහැ,සැලැස්මක් නැහැ,ඒගොල්ලෝ ආවොත් කරන්නේ කොහොමද කියල කියා කියා හිටපු කට්ටිය දැන් දෙකොන මූට්ටු වෙලා. දැන් ඒගොල්ලන්ට කටඋත්තර නැතිවෙලා. ඒගොල්ලෝ තමන්ගේ ප්‍රතිපත්ති හදන එක පැත්තක තියල අපේ ප්‍රතිපත්ති කියවනවා. සමහරු ෆොටෝ කොපි කරගෙන කියවනවා. අපෙන්ම ඉල්ලගෙන කියවනවා. මේ දවස්වල වැඩියෙන්ම ඩවුන්ලෝඩ් කරන්නේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සජබෙ කට්ටිය. මොකද ඒගොල්ලෝ 22 ප්‍රතිපත්ති දාන්න බලාගෙන හිටියා. දැන් ලියාගන්න බැහැ. දැන් මේ දවස්වල කොපි රයිටින් දෙනවා. මේ දවස්වල පිටපත් ලිවිම කරනවා. බලනවා ලියනවා. බලමුකෝ කවද්ද ඕක එළියට දාන්නේ කියල. අපේම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙවෙනි පිටපත් එනවා ඊළඟට. මොකද ඒගොල්ලන්ට වැඩපිළිවෙලක් නැහැ. ඒගොල්ලන්ට සැලැස්මක් නැහැ,ප්‍රතිපත්තියක් නැහැ. ඒක නිසා අපි කියනවා දැන් මේ රටේ ජනතාවට අවුරුදු දෙකක් තිස්සේ මේ ජනාධිපතිවරණයට ජනතාව සංවිධානය කළේ ගමින් ගමට ගිහිල්ලා කොට්ඨාස සංවිධාන හදල,කාන්තා සංවිධාන හදල,තරුණයින් එකතු කරලා,ගොවි සංවිධාන හදල,ධීවර සංවිධාන හදල, උගතුන් බුද්ධිමතුන් එකතු කරලා,මේ මැතිවරණ ව්‍යාපාරය නියත ලෙස ජයග්‍රහණය කරන ජාතික ජන බලවේගය ගොඩනැගුවේ ඔබ හැමදෙනා. දැවැන්ත සංවිධාන ශක්තියක්,ගුණාත්මක මතවාදී බලයක්,ඒවගේම ඉදිරියේදී මේ රට ජයග්‍රහණය කරන්න පුළුවන් ඇද වට්ටලා තියෙන ණය උගුලෙන් රට ගලවන්න පුළුවන් හොඳම වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙනවා ජාතික ජන බලවේගය.” යනුවෙන් හදුන්නෙත්ති මහතා තවදුරටත් කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 7ක වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුවේ හිටපු මහමාර්ග හා ක්‍රීඩා ඇමති රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් සභාවේ හිටපු...

රාජ්‍ය සේවකයන්ගේ කරපිටින් රජ පුටුවලට පැමිණි මාලිමා නායකයින් අද රාජ්‍ය සේවකයා අනාථ කරලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජය බිහි කරන්නට දැවැන්තම ජන...

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...