මගේ යෝජනාව ථේරවාදී වෙළෙඳ ආර්ථිකයක්!

කොළඹ LNW: තමන් යළි රට තුළ ථේරවාදී ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කරමින් පැවසුවේය.

”මේ රාමුව තුළ ආණ්ඩුවක් හැටියටත් මටත් තියෙනවා මූලික පරාමාර්ථ කිහිපයක්. ඒවා ක්‍රියාත්මක කරන්නේ යම්කිසි මූලධර්මයක් තුළ. ඒ මූලධර්මයේ පළමු කාරණය තමයි ථේරවාදී වෙළෙඳ ආර්ථිකය. මේ රටේ අනුරාධපුර රාජධානිය තිබුණ කාලේ අපිට විශාල වෙළෙඳ ආර්ථිකයක් තිබුණා. ලංකාව කුඩා රටක්.ලංකාවේ පැවැත්ම නිසා අනික් රටවලින් ලංකාවට පැමිණෙනවා. අපේ මේ රටරට රාජධානිය කඩා වැටුණ අවස්ථාවේදී තවත් ථේරවාදී රටක් තිබුණා තායිලන්තයේ අයුක්තියේ රාජධානිය ඇති වුණා. ශත වර්ෂ 18ක් කොච්චර අපි පොහොසත් වුණාද කිව්වොත් අනුරාධපුර සියල්ලම වැව් ඉදිකළේ අපේ මුදල්වලින්. නමුත් මහවැලිය කරන්න අපිට විදේශ ආධාර ගන්න සිදුවුණා. අන්න ඒ වෙනස තමයි අපිට තියෙන්නේ. එහෙනම් අපේ ථේරවාදී වෙළෙඳ ආර්ථික ක්‍රමය තායිලන්තය ක්‍රියාත්මක කරනවා. වියට්නාමය ක්‍රියාත්මක අක්රනවා. අපි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක අක්රන්න කියල යෝජනා කරලා තියෙනවා.” යනුවෙන් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...