*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

කළ නොහැකි දේ පොරොන්දු වෙන්නෙ නෑ – ජනපති රනිල්

රෂිකා හෙන්නායක අගෝස්තු 29 , කොළඹ (LNW):

ඉදිරි වසර 05 තුළද රට වෙනුවෙන් තම උපරිමය ඉටු කර තරුණ පරපුර වෙනුවෙන් ණය බරින් නිදහස් සංවර්ධිත, දියුණු රටක් උරුම කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වධාරණය කළේය. තමා රටට පොරොන්දු වන්නේ ලබාදිය හැකි දේ පමණක් බවත්, කළ නොහැකි දේ පොරොන්දු වී රටේ ආර්ථිකය නැවත බිඳ දැමීමට සූදානම් නොමැති බවත් පැවසීය.

ජීවන බර අඩු කිරීම, රැකියා ලබා දීම, බදු සහන ලබා දීම, ආර්ථික ප්‍රවර්ධනය මෙන්ම උරුමය හා අස්වැසුම වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සෑම පුරවැසියෙකුටම ඉඩමක සහ නිවසක අයිතිය හිමිකර දීමේ වැඩපිළිවෙළ ද ඊට ඇතුළත් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තම ප්‍රතිපත්ති ප්‍රකාශය වන “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදක්වමිනි.

ඒ වෙනුවෙන් වූ උත්සවය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වුණි.

“ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා”යන ප්‍රධන මුලධර්ම 05කින් සමන්විත “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මෙහිදී ජනාධිපතිවරයා මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් වෙත පිළිගැන්වූ අතර අනතුරුව එය රටේ තරුණ තරුණියන් වෙනුවෙන් පිළිගැන්වීම සිදුවිය,

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළත් www.ranil2024.lk වෙබ් අඩවිය එළි දැක්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණි,

තරුණ තරුණියන් වෙනුවෙන් පළමු අදියර යටතේ රැකියා ආදායම් මාර්ග ලක්ෂයක් ලබා දෙන බව පැවසු ජනාධිපතිවරයා තරුණ තරුණයින්ට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා උදා කර තිබෙන බවත් පාසැල් හැර යන තරුණ තරුණියන් 50,000කට කාර්මික පුහුණුව ලබා ගැනීම සඳහා කඩිනමින් මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවද පැවසීය.

හොරු ඇල්ලීම ගැන සියලු අපේක්ෂකයන් කථා කළත් ඔවුන් ඒ පිළිබඳ කිසිවක් ඉටු කිරීමට සූදානම් නැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා හොරු ඇල්ලීමට පනතක් ගෙන ආවේ ද තමන් බවත්, දූෂණයට විරුද්ධ න්‍යාය පත්‍රය මේ වන විට සකස් කර, ඇතැම් නීති ගෙනවිත් තිබෙන අතර අනෙකුත් නීති ද සකස් කරමින් සිටින බව පෙන්වා දුන්නේය.

එම කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කමිටුවක් ද පත් කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා නියෝජිතයෙකු බැගින් පත් කරන ලෙස කථානායකවරයාට, වෘත්තියවේදින්ගේ සංගමයට, නීතිවේදින්ගේ සංගමයට, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට ආරාධනා කරන බවත් අවශ්‍ය නම් රජයේ නියෝජිතයෙකු ද ඊට පත් කර අදාළ කටයුතු ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු සහ විද්වතුන්, වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan