*
Monday, September 30, 2024
spot_img

Latest Posts

ජයග්‍රහණයේ ඇල්ගෝරිද්මය ….

ලී ලාකොකා කියන්නේ 1960 දශකයේ ෆෝඩ් සමාගමේ මාකටින් පැත්ත බලපු දක්ෂ කළමනාකරුවෙක්. ෆෝඩ් සමාගමේ සුවිශේෂ රේසින් කාර් මොඩලයක් වන GT 40 මෝටර් රථය හඳුන්වා දෙන්න ෂෙල්බි ඇමරිකන් එක්ක ෆෝඩ් ගිවිසුම්ගත කරන්න මුල් වෙන්නේ ලී. පසුව ඔහු ෆෝඩ් සමාගමේ CEO වෙනවා.

Ford Vs Ferrari ෆිල්ම් එකේ විදියට ෆෝඩ් සමාගමේ අළෙවිය බිංදුවට බහිනකොට ලී කියනවා අපිත් ෆෙරාරි වගේ රේසින් කාර් හදන්න ඕනි කියල. හැබැයි ඒ වෙනුවෙන් ෆෝඩ් සමාගම ඔහුත් එක්ක එකවරම එකඟ වෙන්නේ නැහැ.

ෆෙරාරි ලොක්ක ෆෝඩ් එකත් එක්ක වැඩකරන්න බැහැ කිව්වම තමයි ලී කැරල් ෂෙල්බි හොයාගෙන යන්නේ.

දෙවැනි හෙන්රි ෆෝඩ්ව රේසිං කාර් හදන්න එකඟ කරගැනීම වෙනුවෙන් ඔහු කරන ඉදිරිපත්කිරීම (presentation) හැකිනම් ඒ චිත්‍රපටය නැවත නරඹලා බලන්න. එතන වැදගත් දෙයක් ලී කියනවා. ඒ තමයි මාකට් එකේ හැසිරීම සහ මිළදීගැනීම කියන එක මේ යුගයේ (ඒ කියන්නේ 1960 යුගයේ) ඇමෙරිකාව ඇතුලේ තීරණය වුණේ කොහොමද කියන එක.

”ෆෙරාරි එක දිගටම යුරෝපයේ හැම රේස් එකක්ම දිනනවා. මිනිස්සු ෆෝඩ් කාර් ගැනීම නවත්වල ෆෙරාරි පස්සේ දුවනවා. ඒකට හේතුව අපේ කාර් නරක නිසා නෙවෙයි. හැබැයි මිනිස්සු ආසයි අර ජයග්‍රහණය කරන කාර් එකක ජයග්‍රහණයේ සංකේත කොටස්කරුවෙක් වෙන්න. කාර් එකත් එක්ක ඔවුන් යම් අර්ථයක් මිළදී ගන්නවා (කාර් එකට වඩා වැඩි දෙයක්). ඒ නිසා අපිත් ජයග්‍රහණයේ කාර් එකක් හදමු…”

ජයග්‍රහණය කරනවා කියල දැනෙනකොට මිනිස්සු ඒ ජයග්‍රහණයේ කොටසක් වෙන්න ආසකරනවා. ඒක තමයි මාකට් එක ඒ වෙලාවේ සෙට්වෙච්ච ඇල්ගෝරිද්මය. මේක අදටත් එහෙමමයි.

ෆෝඩ් කියන්නේ ඒ වෙලාවේ මාකට් එකේ තිබ්බ හොඳ සකසුරුවම් (ඉකොනොමිකල්) කාර් එකක්. හැබැයි මිනිස්සු වැඩිගාණක් දීල ජයග්‍රහණයේ ෆෙරාරි කාර් එක මිළදී ගත්ත.

සකසුරුවම් කාර් එක අත්හැරීම වෙනුවෙන් ලොකු මිළක් ඇමෙරිකන්කාරයෝ ඒ වෙලාවේ ගෙව්ව…

ජයග්‍රහණයේ අර්චන කාර් එක වෙනුවෙන් ලංකාවත් ලොකු මිළක් ගෙවන්නයි හදන්නේ. ඒ ඇල්ගෝරිද්මයට මිනිස්සු සෙට් වෙමින් යනවා.

ඒ අත්හදා බැලීමේ මිළ තමයි ෆෝඩ් සමාගම ඊළඟ අවුරුදු දහයක් පුරා හදන GT රේසින් කාර් පෙළ.

~ මහේෂ් හපුගොඩ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan