රංගේ බණ්ඩාර ඉවතට. වගකීම් නියෝජ්‍ය මහලේකම් ඇතුළු පිරිසකට

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර එම තනතුරින් ඉවත් කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඔහු සම්බන්ධයෙන් දැනගැනීමට ලැබුණු බරපතළ කාරණා කිහිපයක් සැලකිල්ලට ගෙන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගිය දින කිහිපයේදීම සිරිකොට පක්ෂ මූලස්ථානයේ රාජකාරි සඳහා ද පැමිණ නැති බව වාර්තා විය.

ඒ අනුව, මේ වනවිට ක්‍රියාත්මක මැතිවරණ මෙහෙයුමේ වගකීම් රංගේ බණ්ඩාර හැර අනෙකුත් නිලධාරීන්ට පැවරීමට ද එජාප නායකවරයා කටයුතු කර ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

එජාප නියෝජ්‍ය මහලේකම් ක්‍රිශාන්ත තියඩෝර්, සිරිකොත ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්, මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී ජනාධිපති නීතිඥ රෝනල්ඩ් පෙරේරා ඇතුළු පිරිසට සිරිකොත පක්ෂ මූලස්ථානයේ ද රැඳී සිටිමින් සියලු දිස්ත්‍රික්ක වල සම්බන්ධීකරණ කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...