හම්බන්තොට පුළුවන් වේදිකාවේ සිට රාජිත සජබ හර්ෂගේ පළු අරියි!

Date:

කොළඹ LNW:ඊයේ (29) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හම්බන්තොටදී පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැළිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සමඟි ජන බලවේගයේ ආර්ථික විශේෂඥයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ හැකියාව සම්බන්ධයෙන් අභියෝග කර සිටියේය.

එදා ගෝඨාභය රජපක්ෂ මහතා ජනාධිපති ධූරය භාර දෙන විට එය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා විසින් භාර ගැනීමට බාධා කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බවයි සේනාරත්න මහතා කියා සිටියේ.

”දැන් තමුන්නාන්සේලා දන්නවා මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා ඉන්නවා 39 දෙනෙක්. රනිල් වික්‍රමසිංහ ඇරුනහම තව 38ක් ඉන්නවා. ඒකෙන් තේරෙනවා අද කොච්චරක් ජනාධිපති පුටුව බලාගෙන ඉන්නවද කියල. අද ඒ 39 දෙන මොනතරම් සල්ලියක් වැය කරනවද?මොනතරම් ප්‍රචාරණයක් කරනවද? අනුර කුමාර දිසානායකලා සජිත් ප්‍රේමදාසල මේ කට්ටිය කෝටි ප්‍රකෝටි ගණන් එක දවසකට විතරක් බස් වලට විතරක් කෝටියක් වියදම් කරමින් මහන්සි වෙලා උදේ දවල් රෑ මොකටද මේ ජනාධිපතිකම බලාගෙන. 2023 මැයි මාසේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ තනතුර දෙනවා. ඔය 39 දෙනාගෙන් එකෙක් හිටියේ නෑ. මම හිටියේ ප්‍රධාන විපක්ෂ නායකයත් එක්ක. එදා මහ බැංකුවයි, මහා භාණ්ඩාගාරයත් එක්ක කතා අක්රලා පැය තුනක් විපක්ෂ නායක සහ අපේ ආර්ථික ඔස්තාර්ලා තුන්දෙනා එළියට ඇවිල්ල පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවල කිව්වා මමයි ලක්ෂමන් කිරිඅල්ලයි අපි ජ්‍යෙෂ්ඨ ඇමතිවරු විදිහට කිව්වා මේක භාර ගන්න කියල. අතේ තියෙන දේ දුන්න වෙලාවට ගන්න. එහෙම නැතුව අතහරින්න එපා කියල. එදා එහෙම කිව්වම් ඔය හර්ෂ ද සිල්වා මෙන්න මෙහෙම කිව්වේ නායකතුමා අතගහන්න එපා.මේක ඉස්තිරික්කේ වගේ අත තිබ්බොත් පිච්චෙනවා. මෙන්න ආර්ථිකේ. මෙන්න එදා කියපු කට්ටිය. අද එයා කියනවා දැන් වැට් එක අඩු කරනවා කිව්වම එයා කිව්වලු 2023 මේක කරන්න පුළුවන් කියල. යකෝ මේ මනුසයගේ මොන ආචාරීකමක්ද? 2023 කොහොමද මේක කරන්නේ. 2023 එහෙම කරන්න ආර්ථිකයක් තිබුණද?එදා මිනිස්සු හිටියේ පාරෙනේ. ගොවියෝ අට්ටාල බැඳගෙන උපවාස කරනවා. ඒවා නැවැත්තුවේ මේ මහින්ද අමරවීර රනිල් වික්‍රමසිංහත් එක්ක එක්කහු වෙලා. මේ හැම තැනම හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජපක්ෂලාට බැන බැන ගොවියෝ පාරවල්වල. එහෙමනේ රටක් තිබුණේ,. තමුන්නාන්සේලා පෙට්‍රල් පෝලිමේ,ඩීසල් පෝලිමේ ඊළඟට ගෑස් පෝලිමේ. ඊටපස්සේ ආහාර පෝලිමේ සතොසේ. ඊට පස්සේ භූමි තෙල් පෝලිමේ.වරායට නැව් එනවා. මස ගාණක් ඉන්නවා. ඩොලර් ලක්ෂ ගාන ගෙවාගන්න. රනිල් වික්‍රමසිංහ භාර ගන්නකොට එහෙම රටක් තිබුණේ සහෝදරවරුනි.”යනුවෙන් සේනාරත්න මහතා වැඩිදුරටත්සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...