ගෑස් සිලින්ඩර්, ටෙලිෆෝන්, මාලිමා කඳවුරු තුනටම විවාදයකට පොහොට්ටුවෙන් අභියෝගයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

මෑත ඉතිහාසයේ ඇතිවූ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයින් තිදෙනාගේ නියෝජිතයින් එවන ලෙස ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

බලශක්ති අර්බුදයේ පියා කවුද යන්න මෙම විවාදයේදී ඔප්පු කිරීමට හැකි බවයි රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා සඳහන් කළේ.

“මෑත ඉතිහාසයේ ගත්තාම ලංකාවේ තියෙන ලොකුම චෝදනාව, බලශක්ති අර්බුදය. විශේෂයෙන්ම අපි හොයාගමු බලශක්ති අර්බුදයේ පියා කවුද කියලා. ඒ සඳහා මම ආරාධනා කරනවා එක්කෝ මේ යහපාලනය නියෝජනය කරපු පක්ෂ තුනට, ඒ කණ්ඩායමට එන්න පුළුවන්. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අනුර කුමාර දිසානායක මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන ජනාධිපති ධුර අපේක්ෂකයින් නියෝජනය කරලා එවන්න නියෝජිතයින්. අපි විවාද කරමු. මේක අභියෝගයක්. අනිවාර්යයෙන්ම අපි ඔප්පු කරලා පෙන්වනවා මේ බලශක්ති අර්බුදයේ නිර්මාණකරු තමයි ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවෙලා හදපු යහපාලන ආණ්ඩුව. ඒ සඳහා අපි නැවතත් ආරාධනා කරනවා, එන්න විවාද කරමු”

රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා මේ බව පැවසුවේ ඊයේ (30) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...