සටහන – රුවන් නෙළුගොල්ල
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් ද සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් ද අඩුකර ඇත.
භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුකර නොමැත.
නව මිල ගණන් සඳහන් සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. මෙම ඉන්ධන මිල ගණන්වලට සමගාමීව ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව නිවේදනය කර තිබේ.