බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා.ඉතිහාසයේ පළමු වරට අපි අනුරව ජනාධිපති කරමු – උපුල් කුමාරප්පෙරුම

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය හමුවේ ඇතැම් පාර්ශව භීතියට පත්ව සිටින අතර එම බලවේග සියල්ල එකමුතුව ඉතා නිර්ලජ්ජිතව අනුර දිසානායකට හා ජාතික ජනබලවේගයට මඩ ප්‍රහාර දියත් කිරීම අරඹා තිබෙන බව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (02) ජාතික ජන බලවේගයේ ”අදිටන” විශ්‍රාමික හමුදා නිලධාරී එකමුතුවේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

සමඟි ජන බලවේගයේ තුෂාර ඉඳුනිල් මෙන්ම අධිකරණය විසින් නෙරපූ හිටපු මන්ත්‍රී මනූෂ නානායක්කාර වැන්නන් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට බය වී ජනතාව නොමඟ යවන ප්‍රකාශ සිදුකරමින් සිටින බවයි කුමාරප්පෙරුම මහතා කියා සිටියේ.

ඔවුන් පවසන ආකාරයේ කිසිදු විනාශකාරී දෙයක් සිදුනොවන අතර 1977දී මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඇති කළේ කවුද යන්න හොදින් දන්නා බව ද ඔහු සඳහන් කළේය.

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයේ භීතියත් එක්ක විවිධ පණිවිඩ පැමිණිය හැකි අතර විශේෂයෙන් තැපැල් ජන්ද ඉලක්ක කරගෙන තැපැල් ඡන්දදායකයාගේ මනස විකෘති කරන ආකාරයේ පණිවිඩ සමාජ මාධ්‍ය යොදා ගනිමින් පතුරුවා හැරීමට ඉඩ තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

”අපේ ජනතාවගේ ස්ථාවර තැන්පතු රජයට පවරා ගන්නා බව හඳුන්නෙත්ති සහෝදරයා කීවා කියලා ඊයේ ඉංග්‍රීසි පුවත්පතක පළ කර තිබුණා. මේ රටේ මිනිසුන්ට දේපළ තබා ගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කර තිබෙනවා. සල්ලි කියන්නෙත් මිනිසුන්ගේ දේපළක්. යම් නීතියක් පනවනවා නම්,ඊට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කෙටුම්පත යනවා. ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීමෙන් පසුවයි ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ. ආණ්ඩුවක් පත්වුණා කියලා හිතෙන හිතෙන ආකාරයට නීති සම්මත කරගන්න බැහැ, බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. අපේ රටේ ජනතාවට ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මම ඒ බව සඳහන් කරනවා. දේශපාලනය සම්බන්ධයෙන් සාතිශය බහුතර ජනතාව මේ වන විට ගෙන තිබෙන තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කර, ඉතිහාසයේ පළමු වතාවට ජනතාවගේ ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයා පත්කර ගන්නා මෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් කුමාරප්පෙරුම මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

This image has an empty alt attribute; its file name is IMG-20240819-WA0055-1024x1024-15.webp

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...