*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

සජබ e කොළම.

(වොෂින්ටන් මකරා)

🎀ඉන්දියන් පරිප්පු උයල කාපු අයට එදා දඩුවම් දුන් ජවිපෙ හා මාළිමාව  දැන් ඉන්දියාව උගස් කරලා මාළිමාව දිනන බව ඉන්දීය බුද්ධි අංශ කියනවායි තද පචයක් ඇරලා නෝන්ඩි වුණා. එවැනි බුද්ධි අංශ වාර්තාවක් ඉන්දියාව එළි නොදැක්වූ බව කොළඔ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය බරපතල ලෙස කියලා මාළිමාවට කණට ගැහුවා - සජබ.

🎀”සැමට ජයක්” සජබ ප්‍රතිපත්ති ප්‍රකාශය සජිත් හා සජබ සන්ධාන නායකයන්ගේ ප්‍රධානත්වයෙන් නුවරදී එළිදකී. පිරිස දළදා වැද මහනාහිමිවරුන් බැහැදැක එහි පිටපත් පිළිගන්වති.

🎀ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපලා ඒවා ජනතාවගෙ සුබ සෙතට යොදනවා. ජනාධිපති වැය ශීර්ෂය අඩුකරලා රටට බරක් නොවන මුල්ම ජනපති බව ට ආදර්ශය දෙනවා. ප්‍රේමදාසල කියපු දෙයක් නොකර ඉදල නෑ.අනික බදු හා අනිත් සියලු හොරුන්ගෙන් රජයට ලැබිය යුතු ආදායම්  අරන් රටේ යහපතට යොදෙනවා - වි : නායක සජිත්.

🎀දුප්පතුන්ට රු 20,000 ක් දීල වසර දෙකකින් ඔවුන් ගොඩ දානවා. ජනසවිය සමෘද්ධි අස්වැසුම ගැමිදිරිය ආදියේ හොද ලක්ෂනත් ඇතුල්කරලා ජනතාව දුගී බවින් මුදන වැඩ පිළිවෙල සුදානම් – සජිත්.

🎀ත්‍රීවීල්, පාසල් වෑන්, ධීවර, ශක්ති හාල් මෝල් හා  කෘෂිකර්ම වැඩ වලට ඉන්දන සහනයක් දෙනවා. පොහොර මිටිය රු 5000 ට දෙනවා පමණක් නොව වගා ණයත් කපනවා. කෘෂි තෙල් හා රසායන වලටත් සහන දෙනවා – සජිත්.

🎀 ජේෂ්ට පුරවැසියන්ට බැංකු පොලිය 15% ක් හා වැඩිහිටි දීමනාව රු 3000 සිට 5000 ට වැඩිකර අග්‍රහාර රක්ෂණත් දීල රටේ සියලු  පුරවැසියන් හා සියලු ආරක්ෂක අංශ වල අයත් අපි බලාගන්නවා. – සජිත්.

🎀රාජ්‍ය සේවකයාට පඩිය 57,000 කර ජීවන වියදම් දිමනාව 25,000 කරනවා. 06% සිට 36% ට තිබෙන රැකියා කරන අයගෙ බදු 1% සිට 24% ට අඩු කරනවා. ඊට අදාළ සියලු දේ සජබ ආර්ථික කමිටඅව අධ්‍යනය කරල තීන්දු අරන් ඉන්නෙ – සජිත්.

🎀ලෝක ආධාර සමුළුවක් කැදවා උතුර හා මුළු රටම ගොඩ ගන්නා වැඩ පිළිවෙලකට අත ගහනවා – සජිත්.

🎀වැල්ලවායට ඉතිහාසයේ ආ ලොකුම සෙනග සජිත් පිළිගන්න ආවා.ඔහුගේ ජය ඒ තුළ තහවුරුයි. මාළිමාව දින දෙකකටපෙර තියපු රැළියට සජබ රැළියෙන් හතරෙන් එකක් හිටියෙ නෑ – මහලේකම් රංජිත්.

🎀සමෘද්ධි සංගමයේ හා එහි ලේකම් පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර ගේ සහායත් සජිත් ඇතුළු සජබ ට.

🎀මහනුවර හා කෑගලු දිසාවේ මාළිමා නායකයින් රැසක් මාළිමාවේ විනිවිද නැති දේශපාලනය හා මුදල් අවභාවිතාව ගැන චෝදනා කරමිනි සජබ ට එක්වෙයි. තවද අරගලයට සුවිශේෂ දායකත්වය දුන් 10 ක් හා පොහොට්ටුව හා ශ්‍රීලනිප පළාත් පාලන පිරිසක් දිගන දී සජබ සමග එක්වෙයි.

🎀ජනතාව සමග පොළොවේ පය ගහල හිටපු මාතර දිස්ත්‍රික් පළාත් ආයතන 16 ක හිටපු නගරාධිපතිවරු ප්‍රාදේශීය සභා සභාපතිවරු හා මන්ත්‍රීවරු 192 ක් සජබ සමඟ එකතු කරන්න හැකි වුණා – ඩලස්.

🎀IMF, ලෝක බැංකුව වගේ ආයතන ජවිපෙ මාළිමාවට එදා ඉදලම ඇලජික්. ඔවුන්ට පහර දුන්නා. එයාලගෙ රජයක් ආවා කියල හිතමු. මේ ආයතන සහායට එන්නෙ නෑ. යාළුවන්ගෙන් ඇදුම් බෙල්ට් ෂර්ට් ඉල්ලාගන අදිනවා වගේ කාගෙන් ඉල්ලගෙන රට දුවන්නද. රට හා තම දරුවන් අනාථ වෙනවා දකින්න ආස අය මාළිමාවට සහාය දේවි – කිරිඇල්ල.

🎀අත්හදා බලන්න මාළිමාවට දෙන්නලු. කන්න නැති වුණාම නියඟලා අල කෑවාම මොකද වෙන්නෙ හිතන්න – කිරිඇල්ල.

🎀2015 හොරු අල්ලන FCID එකේ මමත් හිටියා මාළිමා ප්‍රධානියාත් හිටියා. එයාල තමයි ඹක්කොම කරට ගත්තේ. අල්ලු හොරෙක් නෑ ඊලගට FCID එක ගැන ගෝටාභයගෙ රජය කොමිසක් පත්කලාම බයවෙලා දුෂණ විරෝධී කමිටුවෙ හිටියා කියන්නත් බය වුණු අය හොරු අල්ලනවා කීම විහිළුවක් – හකීම්.

🎀අපේ රජයෙන් අඩු ආදායම් ලබන හා විශේෂ වෘත්තීන් වලට ඉන්දන සහන දෙනවා. අපෙන් ඉගෙන ගෙන ඡන්ද ගැනීමේ යටි අරමුණෙන් හෝ මේ රජය ධීවරයන්ට එවැනි සහනයක් යෝජනා කිරීම අපටත් සතුටක් – කබීර්.

🎀ආහාර වලට දැන් වැටි ගහන නිසා අපි බලයට අවොම එ්ක අයින් කරනවා කියල මාලිමාවෙ අනුර කියනවා. ආහාර වලට අදත් වැට් නෑ. මාළිමාවෙ ආර්ථික කමිටුව ඔහු නොමග යවලා. මාළිමාවෙ ඒ ආර්ථික කට්ටිය තමයිඅපි විවාදෙකට එන්න කිව්වම මග ඇරියෙ – ආචාර්ය හර්ෂ.

🎀මාළිමාව හා ජනපති ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශ ආවා. ඒවායේ සිහින හා බොරු ගොඩයි.කැට තියල කියනවා සජබ අපේ බ්ලූප්‍රිfන්ට් ප්‍රතිපත්ති ප්‍රකාශය වගේ රට ගොඩ නගන ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඔය කාටවත් නෑ – හර්ෂ.

🎀මාළිමාවට ඡන්දය දීමෙන් IMF ලෝක බැංකුව හා සෙසු මුල්‍ය ආයතන හා රටවල් සමග කරන ගනුදෙනු වලට කිත තැබීමයි. ඊට පස්සෙ රට දුවන්න හදිසියකටවත් අතමාරුවක් කරගන්නෙ කොහෙන්ද. ජවිපෙ අරමුදලෙන්ද – හර්ෂ.

🎀මාළිමාවෙ මුදල් ඇමතිල වෙන්න සිහින මවන අය මොනෝ රේල් ලයිට් රේල් වල වෙනස E පාස්පෝට් E වීසා එකේ වෙනසවත් දන්නෙ නෑ – පාඨලී.

🎀මාළිමාව අයවැය බැලන්ස් කරන හැටි ගැන ඉගියක්වත් දීල නෑ. ඔවුන් ආවොත් ඔවුන් සමඟ ගනුදෙනු කරන්න IMF හා සෙසු මුල්‍ය ආයතන එන නොඑන බව දැන්ම නොකිව්වොත් ලංකාව 2022 ටත් වඩා ලොකු අමාරුවක වැටෙනවා – පාඨලී.

🎀මාළිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රතිපත්ති මොනවත් නෑ. තියෙන්නෙ සිහින හා ඇස් බැන්දුම් විතරයි. පොතේ ගුරාල ලියපු ඒක පුායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ – පාඨලී.

🎀මාළිමාව දිනුවොත් ඉන්නෙ තුන්දෙනෙක් නිසා මහ මැතිවරණය තෙක් බාරකාර ආණ්ඩුව පත්කරන්න එයාලට ක්‍රමයක් නෑ. එනිසා පිටරට ඉදන් ඇවිත් ඡන්දෙ දීල රට අනාථ කරල දුවන්න එපා කියල පිටරට ඉදන් ලංකාව හදන අයට අපි කියනවා – පාඨලී.

🎀ජවිපෙ කියන්නෙ රට දෙවරක් වනසපු මිණීමරපු ඒ වගෙම චන්ද්‍රිකා මහින්ද පොන්සේකා හා මෛත්‍රීත් එක්කත් ලැග්ග ප්‍රසිද්ධ ගණිකාවක් – නලින් බණ්ඩාර.

🎀රාගම,සයිටම් හා කොතලාවල වෛද්‍ය පීඨයටත් මෙරටට ආ ආයෝජන වලටත් විරුද්ධව තරුණ පරපුර ල උගතුන් පවා පාරට බස්සපු මාළිමාව ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියනවා පෞද්ගලික අධ්‍යාපනය හා ආයෝජන ගේනවලු. විලිලැජ්ජ නැති පිරිසක් – වසන්ත යාපා බණ්ඩාර.

🎀සජබ රජයෙන් ගුරුවරුන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් අනිවාර්යෙන් ලබා දෙනවා – ඉරාන්.

🎀මාළිමාව රු කෝටි 100 ක් ඉල්ලල මට එන්තරවාසි එවනකම් බලාගෙන ඉන්නෙ. ඒ වගේම 88 – 89 කාලෙ දළදාවට බෝම්බ ගහල වනසලා දළදා පෙරහැර පවත්වන එක නතර කළේ කවුද කියලත් මම මාළිමාවෙන් අහනවා – තිස්ස අත්තනායක.

🎀බලයෙන් විසිවෙන අයටයි බලයට නොඑන මාළිමාවටයි ඔිනම බොරු පොරොන්දුවක් දෙන්න පුළුවනි. ඒත් බලය අනිවාර්යෙන් ලැබෙන සජබ ට බොරු පොරොන්දු නොදෙන බව ජනතාව දන්නවා – සුජීව.

🎀ජනතාව ආවේග වලට යටවෙලා රටට මෙලෝ දෙයක් නොකල අයට ඡන්දෙ දීල ආපහු අඩන්න එපා.බලයක් නැතුව කැරළි 02 ක් ගහල රට වැනසුවා නම් ගිය වසරෙ ගෙවල් ගිණි තිබ්බ නම් හමුදා පොලාස් බලය ලැබුණොත් මෙයාල මොනව නොකරයිද කියල තේරුම් ගන්න. පච ගහන ජීවිතේ ගැන කිසිම අත්දැකීමක් නැති එකෙකුට දුව දෙනවද. රටේ පුජාතන්ත්‍රවාදය යළි ගේන්න ජීවිත 30,000 කින් වන්දි ගෙවන්න වේවි. – සුජීව.

🎀ජපාන ජයිකා එක දසම පොලීයට දීපු ලයිට් රේල්වේ එක ගොටාභය ගොංකමට නැවැත්තුවා. ජවිපෙ කියන්නෙ දූෂණ නිසා නැවැත්තුවා කියලයි. එතන දූෂණය මොකද්ද ඇහුවම මාළිමා මුදල් ඇමතිට කට උත්තර නැති වුණා. හැම එකටම උඩක් බිමක් නොදැන දුෂණය දූෂණය කියනවා. මේක විකාරයක් – අජිත් පී. පෙරේරා.

 🎀ජවිපෙට පුරුදු රටවල් හදල නෙවෙයි වෙ අය අමාරුවෙන් හදපු රාජ්‍ය දේපළ, ගොඩනැගිලි, ට්‍රාන්ස්පෝමර්, බස්, කෝච්චි පුච්චලා මිනිස්සු මරපු එක බවට විශාල ජනමතයක් තියෙනවා – අර්ල් ගුණසේකර.

This image has an empty alt attribute; its file name is IMG-20240819-WA0055-1024x1024-15.webp

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan