ජනාධිපතිකම හර්ෂට දෙන්න – හරීන්ගෙන් යෝජනාවක්

Date:

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් භාරකාර ජනාධිපතිවරයෙක් පත්කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මෙහිදී එය භාරගැනීමට කිසිවෙකු හෝ නැත්නම් මාස හයක එම භාරකාර කාලය සඳහා හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පත්කරන ලෙසයි හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

”නාමල් රාජපක්ෂ මහත්තයා කිව්වා ගෝඨාභය ගියොත් මොකද කරන්නේ කියල. ඒකට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. පාර්ලිමේන්තුවට පුළුවන් භාරකාර ජනාධිපතිවරයෙක් පත්කරන්න. මේ ලංකාවේ මිනිස්සු ජන්ද නෙවෙයි ඉල්ලන්නේ.මට ලොකු කණගාටුවක් තියෙනවා ජන්දයක් කරන්න පුළුවන්ද මිනිස්සුන්ට ලයිට් නැතිකොට. පෝලිම්වල තෙල් නැතිකොට. ඒ නිසා අංක එක වෙන්න ඕනේ මේ රට තුළ එකතු වෙන්න ඕනේ. ඒක බොහොම අවංක එකතු වීමක් වෙන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ ගෝ හෝම් නම් අයින් වෙන්න ඕනේ. හර්ෂ ද සිල්වා මෙතන ඉන්නවා. මේ පාර්ලිමේන්තුව දැන් එක තැනකට එන්න ඕනේ. මගේ පෞද්ගලික අදහස් මේක. කවුරුත් නැත්නම් හර්ෂ ද සිල්වාට දෙන්න ජනාධිපතිකම. ප්‍රශ්නයක් නැහැ. මාස හයකටයි. අපේ නායකතුමා ඉල්ලන්නේ නැහැ එතුමා ඉන්නේ ඊළඟ ජන්දෙන් එන්න ඉන්නේ. හැබැයි මේ රට කරන්න මොකෙක් හරි ඕනේ.”

මේ අතර ඉදිරි වසරක කාලයක් සඳහා තමන්ගේ වැටුපද පරිත්‍යාග කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනතාව දුක්විඳින විට එම ලක්ෂ දෙකහමාර ගෙන පලක් නැති බවයි ඔහු කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...