මුතුරාජවෙලට ඩීසල් නැවක් – සතියකටත් මදි වෙයි

0
616

රටේ පවතින දැඩි ඩීසල් හිඟයට රජයට නිසි පියවරක් නොමැති බවත් ඒ වෙනුවෙන් ඊයේ (අප්‍රේල් 06) සන්ධ්‍යාභාගයේ මුතුරාජවෙලට පැමිණි ඩීසල් රැගත් නැවෙන් රටට අවශ්‍යය ඩීසල් ප්‍රමාණය සතියක්වත් ලබා දීමට නොහැකි වනු ඇතැයිද ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
“සාමාන්‍යයෙන් සතියකට ඇති,ඒත් මේ වෙලාවෙ මිනිස්සු වැඩිපුර පාවිච්චි කරන නිසා එච්චර කාලෙකටත් මදි” ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කරුණු දැක් වූ ඛනිජ තෙල් සංස්ථා සේවකයෙක් රටේ ඉන්ධන බෙදා හැරීමේදී හැම ඉන්ධන හලකටම සහ හැම ප්‍රදේශයකටම එක ආකාරයට තෙල් නොලැබීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

මේ වගෙ වෙලාවක වෙන්න පුළුවන් නරකම දේ ත් ඒකයි.දේශපාලන හයිය තියෙන අයට තමයි මේ රටේ වැඩිපුරම සෙඪ් තියෙන්නෙ.එහෙම හයිය නැති සමිති සමාගම් වගේ දේවල් හරහා පාලනය වෙන අයගෙන් චෝදනා එන්නෙ ප්‍රමුඛතාවය දේශපාලන සම්බන්ධකම්වලට යන නිසයි.නමුත් මේ සියල්ලටම බෙදා දීමේ තත්ත්වයක්නැති වුණත් රටට යන ඩීසල් ටිකත් මදි” යනුවෙන් පැවසූ ඔහු, එකක් ගහන ප්‍රමාණය වැඩිවීම.වැදගත්ම දේ තෙල් අඛණ්ඩව ලබා දෙන්න රජයට නොහැකි බව ජනතාව තේරුම්ගෙන සිටීම යැයි ද පෙන්වා දුන්නේය.

RM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here