*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පෙර පරිසර ආර්ථිකයට මුල්තැනක් දෙන්න!

කොළඹ LNW:ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදී පරිසර ආර්ථිකය සදහා මුල් තැනක් ලබාදීම ඉදිරියේදී පත්වන පාලකයන්ගේ ප්‍රධාන වගකිමක් බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේය.

කාරියවසම් මහතා මේ බව සඳහන් කළේ අද (03) කොළඹදී පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකාවේ වන ගහනය මේ වනවිට පවතින්නේ සියයට 16ත් 20ත් අතර ප්‍රමාණයක් වන බවත් මෙම වන ගහනය සියයට 25 ක් දක්වා වැඩිකිරිම, දේශගුණික විපර්යාස සඳහා මුහුණ දීමට ජනතාව හා පරිසරය සුදානම් කිරීම අතිශය වැදගත් කාරණා බවයි ඔහු පෙන්වා දුන්නේ.

එමෙන්ම සත්ව හා මිනිස් ගැටුම අවම කිරිමට නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇති අතර පසුගිය වසර 06 තුළ දිවියන් 100 මියගොස් තිබෙන බවත් පසුගිය වසර තුළ අලි ඇතුන් 470 මියගොස් තිබෙන බවත් කාරියවසම් මහතා කියාසිටියේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු පූජ්‍ය කාරියමඩිත්තේ ඤාණාරාම හිමි,

“පසුගිය ආණ්ඩු මෙන්ම වර්තමාන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ද 2048 ජාතික භෞතික සැලැස්මට අනුව රටේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති හරහා දැවැන්ත පරිසර හානියක් මෙන්ම ජාතික සම්පත් විදේශීයකරණයට ලක්කරමින් සිටිනවා. සංවර්ධනය නාමයෙන් සිදුකරන මෙම ව්‍යාපෘති හරහා රටේ ජෛව පරිසර පද්ධතිය මෙන්ම මුහුද, ගුවන, භූමිය ද රටට අහිමි කරමින් තිබෙන්නේ. රටේ සමස්ථ භූමියම අවාරණය කරමින් සිදුකරන වරාය නගර, අධිවේගි මාර්ග, නාවික, ගුවන්, බලශක්ති, ජලය කළමනාකරණ ආදී ව්‍යාපෘති පාරිසරික සම්පත් විනාශ කරමින් විදෙස් රටවලට, සමාගම්වලට විකිණීම දැනටමත් සිදු කරමින් තිබෙනවා.

සංවර්ධනය නාමයෙන් පසුගිය දශක පහක, හයක කාලය පුරා සිදු කල බොහෝ ව්‍යාපෘති හරහා දැවැන්ත පරිසර විනාශයන් සිදු වුණා. මහවැලි සංවර්ධන ව්‍යාපෘති තුළින් රටේ ජනතාවට පමණක් නොව ඉන්දියාවට ද විදුලිය සැපයීමට යැයි සිදුකල වික්ටෝරියා, රණ්දෙණිගල – රන්ටැඹේ ජල විදුලි ව්‍යාපෘති ද උමා ඔය, රඹකැන් ඔය, ආදී ව්‍යාපෘති හරහා සිදු කල විනාශය තුලින් දැවැන්ත පරිසර හානියක් මෙන්ම එම ප්‍රදේශවල ජිවත්වන ජනතාවට උන්හිටි තැන් ද අහිමි කළා.

මේ මොහොත වනවිට ද ජාතික භෞතික සැලැස්මට අනුව මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු ජනතාවට වසන් කරමින් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය 2024 වර්ෂයේ සිදුකර ඇති අලුත්ම අනාවරණයෙන් පැහැදිලි වෙනවා. දැනට සිදුකරමින් පවතින ව්‍යාපෘති 50 ක් ඒ සදහා විමසුමට ලක්කර තිබෙනවා. එහි ව්‍යාපෘති 21 ක් දේශීය ණය ආධාර යටතේ වන අතර වටිනාකම රු. බිලියන 241.9 ක්. ව්‍යාපෘති 29 ක් විදේශීය ණය ආධාර යටතේ සිදු කරන අතර එහි වටිනාකම රු. බිලියන 776.7 ක්. ව්‍යාපෘතිවල සමස්ථ වටිනාකම ට්‍රිලියන 1.01 ක්. ආණ්ඩුව මෙම ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන කටයුතු ජනතාවට වසන් කරමින් සිදු කරන මෙම වංචනික ක්‍රියාවලිය තුළින් රටේ සම්පත් විකිණීම මෙන්ම වංචා, දූෂණ ද වසන් කරමින් පවතින බව පැහැදිලියි.

මේ වන විට බරපතල ගැටළුවක් බවට පත්ව තිබෙන අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කාරක සභික දිමුතු සඳරුවන් මහතාද අදහස් දක්වන ලදී.

‘‘ලොව අලි – මිනිස් ගැටුම මගින් වැඩිම අලින් සංඛ්‍යාව සහ දෙවැනියට වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් වාර්ෂිකව මරණයට පත්වන රට ශ්‍රී ලංකාව බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. මේ වනවිට ලංකාවේ පළාත් 08 කට අයත් දිස්ත්‍රික්ක 19 ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131 ක අලි – මිනිස් ගැටුම් වාර්තා වෙනවා.

එමෙන්ම මෙතෙක් දිවයිනේ වැඩිම අලි – මිනිස් ගැටුම් ප්‍රමාණයක් වාර්තාවී තිබූ වයඹ පළාතේ වන අතර තරමක් අඩු වශයෙන් ගැටුම් වාර්තාවූ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ගැටුම් ඉහළ යමින් පවතිනවා.

ඒ වගේම 2022 වසරේ අලි මරණ 439 ක් වාර්තා වී ඇති අතර 2023 වසරේ අලි මරණ 470 ක් වාර්තා වී තිබුණා. මේ වසරේ අගොස්තු 31 වන විට අලි මරණ ගණන 85 ක් වාර්තා වූ අතර ඒ අනුව 2010 සිට 2024 අගොස්තු 31 වැනිදා වන විට අලි මරණ 4326 ක් වාර්තා වී තිබුණා.

වියලි කලාපය පුරා පිහිටලා තිබෙන වන රක්ෂිත, වනජීවී රක්ෂිත එකිනෙකට ඛණ්ඩනය කරමින් සිදු කෙරෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වීම සහ මහා පරිමාණයෙන්ම වනාන්තර එළිපෙහෙලි කිරීම නිසා වන අලින්ගේ වාස භුමි ඔවුන්ට අහිමිවෙමින් පවතින්නේ. එපමණන් නොවෙයි වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා මහා පරිමාණයෙන්ම වනාන්තර එළි පෙහෙළි කිරීම හරහාද වන සතුන්ට ඔවුන්ගේ වාස භුමි අහිමිවීමේ තර්ජයක් මතුව තිබෙනවා.

එමෙන්ම ගවපට්ටි පවත්වාගෙන යන පුද්ගලයින්ගේ හරක්, මීහරක් ලුණුගම්වෙහෙර, උඩවලව, මාදුරුඔය,ගල්ඔය වගේ ජාතික වන උද්‍යානවලට මහා පරිමාණයෙන්ම ඇතුලත් කිරීම සිද්ධ වන අතර ඒවායේ ප්‍රතිඵල විදිහට සිද්ධ වෙන ප්‍රධාන ක්‍රියාවලිය වන්නේ අලි ඇතුන්ට තිබෙන පෝෂක ප්‍රභවයන් නැතී වී යාමයි. එහි ප්‍රතිඵලයක් විදිහට මේ රක්ෂිත තුළ ජීවත්වන අලි ඇතුන් ගම්මානවලට පිවිසීම සිද්ධ වෙනවා.

කෙසේ නමුත් ඉදිරියේ පත්වන රජය වන අලි මිනිස් ගැටුම විසදිමට පළමුවෙන් ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් කිසිම පාලකයෙක් ඒ දෙය ඉටු කරලා නෑ. එම සැලැස්ම තුළින් වනඅලි සහ මිනිසුන් අතර ගැටුම අවම කරන්නට සහ සතුන් සහ මිනිසුන් අතර තිබෙන ගැටුම් අවම කරන්න හැකියාවක් ලැබෙනවා.

වනඅලි ගහණය විශාල වශයෙන් වැඩි වී නැතත් අලි – මිනිස් ගැටුම හේතුවෙන් අහිමි වන වන අලින් නිසා යම් දිනෙක වන අලි සම්පත අපේ රටෙන් තුරන්වීමට ඉඩකඩක් තිබෙන අතර එමනිසා ඉදිරියේ දී සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දෙන්නේ නම් වන අලි හා වෙනත් දුර්ලභ සතුන් ගැවසෙන වනාන්තර ආශ්‍රිත ඉඩම් සම්බන්ධව දැඩි තීන්දු තීරණ ගත යුතුයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan