*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

කඳ සුරිඳුන් ජීවමානවම අපේක්ෂා රෝහලට වැඩම කරන වගයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අරමුදලින් මහරගම අපේක්‍ෂා රෝහලේ ඉදි කෙරෙන සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය අද (03) පෙරවරු නවයට විවෘත විය.


මහල් හතරකින් සමන්විත මෙම වාට්ටු සංකීර්ණය වර්ග අඩි 26,000 ක ගොඩනැඟිල්ලකි. මෙහි මහල් දෙකක රෝගී දරුවන් 76 දෙනකුට අවශ්‍ය සුවපහසු ඇඳන්, නවීන සනීපාරක්ෂක උපකරණ සහිත වැසිකිළි කැසිකිළි පහසුකම්, දරුවන්ගේ දෙමව්පියන් සඳහා වැසිකිළි කැසිකිළි පහසුකම්, රෝගී දරුවන් රැකබලා ගන්නා මව්වරුන්ට නිදාගැනීම සඳහා විශේෂ ඇඳන් ද ස්ථාපිත කර ඇත.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අරමුදලින් මහරගම අපේක්‍ෂා රෝහලේ ඉදි කෙරෙන සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය අද (03) පෙරවරු නවයට විවෘත විය.

එසේම රෝගී දරුවන්ට අවශ්‍ය ආහාර, අවශ්‍ය පරිදි ඔවුන්ගේ මව්වරුන්ට පිළියෙළ කර දිය හැකි විශේෂ මුළුතැන්ගෙයක් ද මෙහි ඉදිකර තිබේ. තවද නවීන තාක්ෂණයෙන් සමන්විත පරිගණකගත කළ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, කුඩා ළමා උයනක් ද එහි ඉදිකර තිබේ.

458205393 920394816783942 8943300068887158673 n

 
එමෙන්ම දරුවන් සිව් දෙනකුට එකවර ඇටමිදුළු බද්ධ කළ හැකි ශල්‍යාගාර හතරක් ද මෙහි පිහිටුවා ඇත. මාස 11ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ඉදිකිරීම් නිම කිරීමට හැකිවීම ද විශේෂත්වයකි.

kadira 2නවීන තාක්ෂණයෙන් සමන්විත පරිගණකගත කළ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, කුඩා ළමා උයනක් ද එහි ඉදිකර තිබේ.

කතරගම දේවාලය වෙත බැතිමතුන් වෙතින් ලැබෙන පඬුරු සහ සෙසු ආධාර මුදල් යොදා සිදු කළ මෙම වාට්ටු සංකීර්ණය ඉදි කිරීම පිණිස රුපියල් මිලියන156ක මුදලක් වැය වී තිබේ.

සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය
මෙම ඉදි කිරීම සම්බන්ධ තාක්ෂණික සහ ශිල්පීය ක්‍රම දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබා දී තිබේ.

නමුදු මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීම සම්බන්ධ තවත් සුවිශේෂත්වයක් තිබේ. එනම් මෙහි විශේෂ ආරාධිතයන් වශයෙන් දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූ යැයි සම්මත කිසිවෙකුත් සහභාගී නොවීම ය.

කතරගම රුහුණු මහා දේවාලයේ ඩිෂාන් ගුණසේකර බස්නායක නිලමේවරයා

මෙම විවෘත කිරීම මේ වන විට අපේක්‍ෂා රෝහලේ නේවාසිකව හිඳින දූ දරුවන් ගෙන් සහභාගීත්වයෙන් සිදු කෙරුණ අතර එම විවෘත කිරීම සම්බන්ධ විශේෂ සමරු ඵලකයක් නිරාවරණය නොකිරීම ද මෙහි පවත්නා විශේෂත්වයකි. ඒ වෙනුවට එහි “කතරගම සුරිඳුන් හට පින් අනුමෝදන් වේවා” යන සඳහන පමණක් යෙදු බව මෙම ළමා වාට්ටු සංකීර්ණය ඉදි කිරීමේ මූලික සංකල්පයේ සිට එය සැළසුම් කිරීම, ඉදි කිරීම ආදී සියළු කටයුතු වල අධීක්ෂණය භාරව සිටි කතරගම රුහුණු මහා දේවාලයේ ඩිෂාන් ගුණසේකර බස්නායක නිලමේවරයා සඳහන් කොට ඇත.


images 33කතරගම දේවාලය හා දුටු ගැමුණු රජතුමන් සම්බන්ධ ප්‍රවාද යටත් විජිත යුගයේ ජන මූලාශ්‍ර මත පදනම් වූ මෑත කාලීන ඒවා ය.

ශ්‍රී ලංකාවේ ඇති සියළු දේවාල අතුරින් අතිශය ජනප්‍රියත්වයට පත් වූ රුහුණු කතරගම මහා දේවාලය දුරාතීතයේ සිට පැවත එන්නක් බවට සාක්ෂි තිබේ. එහෙත්, කතරගම දේවාලය හා දුටු ගැමුණු රජතුමන් සම්බන්ධ ප්‍රවාද යටත් විජිත යුගයේ ජන මූලාශ්‍ර මත පදනම් වූ මෑත කාලීන ඒවා ය.

457588491 920394966783927 9062221912590210547 nසිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය


ඉතිහාසයේ විවිධ යුගවල ජනප්‍රියතාව අඩු වැඩි වෙමින් පැවැති මෙය 1815 ශ්‍රී ලංකාව බ්‍රීතාන්‍ය යටත් විජිතයක්ව පැවැති මුල් යුගයේ පාලකයන්ගේ විවිධ කෙනෙහිලිකම්වලට ලක්වීම මත වැසී යාමට ආසන්න මට්ටමක් දක්වා පරිහානියට පත්ව තිබේ.

1818 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජෝන් ඩේව් නම් ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයා An Account of the interior of Ceylon and its inhabitans නම් සිය කෘතියේ කතරගම දේවාලය සම්බන්ධයෙන් තබා ඇති මෙම සටහන ඊට කදිම නිදසුනකි. “වසරින් වසර මෙහි පැමිණෙන වන්දනා කරුවන්ගේ ගණන අඩු වෙමින් තිබේ. ගොඩනැගිලි ද ගරා වැටෙමින් පවතී. ඒ අනුව තව වසර කිහිපයක් ඇවෑමෙන් ඒවා මහ පොලොවට සමතලා වීමේ ඉඩක් පවතී. ඉන් පසුව මෙහි පැමිණෙනවුන් හට ඒවා තිබූ තැන්වත් සොයා ගැනීමට නොහැකි වනු ඇත.”


458296786 920395096783914 609966998596705769 n
ඔහුගේ එම අනාවැකිය පරිදි ඉන්පසු ජනප්‍රියත්වයෙන් හීන වෙමින් පැවැති කතරගම පුදබිම ඇසල සමයට පමණක් වන්දනා කරුවන් සුළුතරයක් පැමිණි පුදබිමක් වූ අතර ඉංග්‍රීසි ජාතික පළාත් සහකාර ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සටහන් වලට අනුව 1877 ඇසල කතරගම පුදබිමට ගොස් ඇත්තේ වන්දනා කරුවන් දාහතර දෙනකු පමණි.

නමුදු ඉන්පසුව ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඉන් කිලෝමීටර් විසි හතරක් දුරින් පිහිටි ක්‍රි.පූ තුන් වන සියවසේ රුහුණේ රජ කළ මහානාම රජු ඉදි කරන ලදැයි සැලකෙන තිස්සමහාරාම වැව 1871 වසරේ ප්‍රතිසංස්කරණය කොට ඒ අවට විවිධ ප්‍රදේශවලින් කැඳවූ ගොවි ජනතාව පදිංචි කරවීමත් එතෙක් ගරාවැටී තිබූ තිස්සමහාරාම දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමත් සමඟ තිස්සමහාරාමය බෞද්ධ පුදබිමක් සේම කෘෂි නිෂ්පාදන හා වෙනත් භාණ්ඩ අලෙවි හා හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රකට වී තිබේ. එම ප්‍රදේශය හැඳින්වීම පිණිස සම්මත නාමය ද එම බෞද්ධ පුදබිමේ නම වූ අතර ප්‍රදේශ වාසීන් අතර එය එදා සිටම අද දක්වා ප්‍රකටව ඇත්තේ ‘තිහව’ යන නමිනි.


458190859 920395153450575 4752859595474620152 nසිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය
නමුදු තිස්සමහාරාමයේ සිට කතරගම දක්වා යන මඟ මුළුමනින්ම වන ගහණයෙන් වැසී තිබූ අතර එහි වන අලින්, වලසුන්, දිවියන් වැනි වන සතුන් පිරී සිටීමත් නිසා එවක තිස්සමහාරාමයේ සිට කතරගම යාම සඳහා ඉතා හුරුපුරුදු ගැල් කරුවන් සහිත බර කරත්ත වල සේවය ලබා ගැනීමට වන්දනා කරුවන්ට සිදුවිය. ඒ අනුව ‘දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ’ යන ජන පිරුළ එම ගැල් කරුවන් විසින් පතුරුවා හරින ලදුව පිරුළක් ලෙස සමාජ ගත් වූවක් සේ සැලකේ.

නමුදු 1913 වසරේ Village in the jungle (බැද්දේගම) නම් නවකතාව ජාතියට තිළිණ කළ විසිවන සියවසේ මුල් භාගයේ හම්බන්තොට සහකාර ආණ්ඩුවේ ඒජන්ත ලෙනාඩ් වුල්ෆ් සඳහන් කරන අන්දමට 1910 වසරේ ඇසළ උත්සව සමයන් හි වන්දනා කරුවන් හාර දහසක් පමණ කතරගමට පැමිණ තිබේ. පසුව තිස්සමහාරාමයේ සිට කතරගම දක්වා වූ වනගත මාර්ගය කෙමෙන් එළිපෙහෙළි වීම මත එහි පැමිණෙන වන්දනා කරුවන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ නැංවුණු බවක් පැවසෙයි.


458173662 920395196783904 1869283709732328534 nසිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය

ඒ අනුව 1930 දී පමණ දස දහසක් පහලොස් දහසක් පමණ වූ එය 1950දශකයේ දී ලක්ෂයක් වූ බව ද පැවසෙයි. පසුව කතරගම පුදබිමේ ජනකාන්ත භාවය කෙතෙක් ප්‍රවර්ධනය වීද යත් 1973 වසරේ එහි පැමිණි වන්දනා කරුවන්ගේ ප්‍රමාණය ලක්ෂ අටක් පමණ වූ බව රාජ්‍ය සංඛ්‍යා ලේඛණ උපුටා දක්වන ගණනාථ ඔබේසේකර සූරීහු තම Social change and the deities:The rise of Kataragama cult in modern Sri lanka කෘතිය මගින් අනාවරණය කරති.

458219321 920395323450558 3620526900603899120 nසිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය
ඒ අනුව මේ වන විට දේවාලයේ පූජා චාරිත්‍ර භාරව කටයුතු කරන කපු පරම්පරා තුන ද දහ නව වන සිය වස අග භාගයේ හෝ විසිවන සියවස මුල් භාගයේ ඉතා අහඹු හා සූක්ෂම ලෙස ඒ සඳහා අවතීර්ණ වූ බාහිර පුද්ගලයන්ගෙන් පැවැත එන්නවුන් බව පෙනේ. ඒ ඊට වඩා පරම්පරාගත ඉතිහාසයක් සනාථ කළ හැකි කිසිදු මූලාශ්‍රයක් ඔවුන් තුළ නොමැති බව කතරගම සම්බන්ධ පර්යේෂකයන් විවිධ අවස්ථාවන් හි අනාවරණය කර ගෙන ඇති බැවිනි. එමෙන්ම එම කපුවන් සමඟ සිදු කළ සාකච්ඡා ආදිය මගින් එම පර්යේෂකයන් වැඩිදුරටත් තහවුරු කරගෙන ඇත්තේ කතරගම දේවාලය සම්බන්ධ විධිමත් පාරම්පරික යාදිනි, කන්නලව්,ස්ත්‍රොත්‍ර සම්ප්‍රදායක් ද එම කපුවන් අතරේ නොමැති බවකි.


එහෙත්, මේ වන විට දිනෙන් දින ජනාකීර්ණ වන අතිශය ජනකාන්තා පුදබිමක් වන රුහුණු කතරගම දේවාලය වෙත වාර්ෂිකව දිවයින පුරා බැතිමතුන් ගෙන් ලැබෙන මිල මුදල්, රන් රිදී ආභරණ සහ වෙනත් වටිනා දේ සම්බන්ධයෙන් ලොබ බැඳගත් කපුවන් දිගින් දිගටම පැහැර ගැනීම මත ඒවායේ බරපතල අවභාවිතාවක් සිදු වෙමින් තිබිණ. ඒ සම්බන්ධයෙන් මුල් වරට ජන මාධ්‍ය මගින් ප්‍රබල අනාවරණයක් සිදුවූයේ දේවාලයකට ලැබුණු රුපියල් ලක්ෂ හතලිහකටත් වඩා වටිනා පවුම් තිස් අටක රන් තැටියක් දේවාලයේ ප්‍රධාන කපුවා විසින් අතුරුදන් කිරීමක් සම්බන්ධයෙනි. මේ වන විටත් එම සිදුවීම සම්බන්ධ අධිකරණ කටයුතු සිදුවෙමින් පවතී.

458114304 920395283450562 7002831524178257456 nසිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය
1931 අංක 34 දරන විහාර හා දේවාලගම් පනත ප්‍රකාරව කතරගම දේවාලයේ සියලු පරිපාලන කටයුතු එහි බස්නායක නිලමේ වරයා වෙත පැවරී තිබේ. නමුදු එහි කපුවන්ට හිමි තත්වය කුමක්ද? කිවහොත් කපු වෘත්තිය සම්බන්ධ කිසිදු සඳහනක් එම පනතේ කොතැනක වත් නැත. එහෙත් කතරගම දේවාලය වෙත බැතිමතුන් ගෙන් ලැබෙන මිල මුදල් සහ රන් අබරණ ප්‍රමාණය ඉහළ යත්ම දේවාලයේ පාරම්පරික සැබෑ හිමිකරුවන් කපුවන් වන තමන් මිස වසර පහකට පත් වන බස්නායක නිලමේවරයා නොවන බව ජනමාධ්‍ය මගින් පැවසීමට තරම් එහි ප්‍රධාන කපුවා ළඳ බොළඳ වූ අන්දම ද අපි දනිමු.එම පනත ප්‍රකාරව වසර පහ බැගින් පදවිය යාවත් කාලීන කර ගැනීම මඟින් බස්නායක නිලමේ වරයකුට දිවි ඇති තුරාවට එම පදවිය දැරිය හැක.

නමුත් එම කපුවන් කිහිප දෙනෙක් බස්නායක නිලමේ වරයාගේ නිල ආධිපත්‍යයට පා පහර දෙමින් ඇතැම් විට හිටපු බස්නායක නිලමේ වරයකුට මැර ප්‍රහාර පවා එල්ල කරමින් බස්නායක නිලමේ සතුව තිබිය යුතු දේවාලයේ යතුරු පවා තමන් භාරයට ගෙන එහි මිල මුදල් හා රන් ආභරණ ගසා කෑමේ යාන්ත්‍රණය දිගටම පවත්වා ගෙන ගියහ. ඒ අතර පසුගිය ඇසල උත්සව සමයේ දේවාලයේ තේවාව බෙදා ගැනීම සම්බන්ධයෙන් එක් කපු පරම්පරාවක සාමාජිකයකු විසින් තවත් කපු පරම්පරාවක සාමාජිකයකුට පහර දී ඔහු රෝහල් ගත වන තැනට වැඩ කිරීමෙන් මෙම කපුවන් ගේ විනය, සංවරය හා සදාචාරය කෙබඳුදැයි අපට වටහා ගන්නට පුළුවන.

Apeksha 2024.05.14පිළිකා රෝගයෙන් පීඩා විඳින අසරණ දූ දරුවන් ගේ සුවසෙත පිණිස දේවාලයේ බස්නායක නිලමේ කාර්යාලය වෙත භාර දීමේ අර්ථවත් සම්ප්‍රදාය

නමුත් කපුවන් ගේ මෙම අභියෝගයට නොසැළී මුහුණ දුන් වත්මන් බස්නායක නිලමේ වරයාට තමන් එම තනතුර භාර ගන්නා සමයේ බස්නායක නිලමේ කාර්යාලයට ලැබුණු රුපියල් මිලියන පනහේ වාර්ෂික ආදායම මේ වන විට රුපියල් මිලියන හාරසීය දක්වා අට ගුණයකින් ඉහළ නැංවීමට හැකි වී තිබේ. එමෙන්ම කතරගම දේවාලයට පැමිණෙන බැතිමතුන් දෙවියන් ගේ නාමයෙන් දෙන ආධාර දේවාලයේ කපුවන් වෙතින් මකර කටට යැවීම අඩු කොට පිළිකා රෝගයෙන් පීඩා විඳින අසරණ දූ දරුවන් ගේ සුවසෙත පිණිස දේවාලයේ බස්නායක නිලමේ කාර්යාලය වෙත භාර දීමේ අර්ථවත් සම්ප්‍රදායකට මුල පුරා තිබේ.රුපියල් මිලියන 156 ක වියදමින් මහරගම අපේක්‍ෂා රෝහලේ ඉදි කෙරෙන මෙම වාට්ටු සංකීර්ණය එහි සමාරම්භක පියවර පමණි. ඒ මෙවැනිම තවත් සුවිසල් ව්‍යාපෘතියක් ඒ සමඟම ඇරඹීමට කටයුතු සළසා ඇති බැවිනි.

කතරගම දෙවියන් කියා සැබැවින්ම කිසිවකු සිටීද? එසේ සිටී නම් ඒ භෞතික රූපකායකින් යුතු පුද්ගල රූපී අයකුද? නැතහොත් කතරගම දෙවියන් යනු කිසියම් පාර භෞතික ශක්ති පදාර්ථයක් ද? එමගින් මිනිසාට සහ පොදුවේ ලෝකයට යහපතක් ඉටු කර ගත හැකිද? යන්න අපට අදාල නැත. එහෙත්, කතරගම දෙවියන් ගේ නාමයෙන් මෙබඳු මිනිසත් බවේ උත්තරීතර ක්‍රියාදාමයන් සිදු වන්නේ නම් අපට නිගමනය කළ හැක්කේ ඒ ක්‍රියාව තුළ දෙවියකු හිඳින බව ය.ඒ අනුව මෙම උතුම් මානව සත්කාරය මඟින් කතරගම දෙවියන් ජීවමානවම ව මහරගම අපේක්ෂා රෝහලට වැඩම කොට ඇති බව මෙහි ලා සටහන් කිරීමට අපි මැළි නොවන්නෙමු.

kada suridu
kada suridu 2

kada 3


renuka damayanthi psd
(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
[email protected]

(උපුටා ගැනීම –  vinivida.lk)

theleader.lk




Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan