බදු, EPF ETF නොගෙවන විශාල කළු ආර්ථිකයක් මේ දේශපාලන පක්ෂ හරහා ක්‍රියාත්මක වෙනවා – දිලිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ හරහා විශාල කළු ආර්ථිකයක් ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගෙන් කිසිවෙකුටත් එය වෙනස් කිරීමේ අදහසක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

“මේක අපි අනිවාර්යයෙන්ම ස්මාර්ට් ගවනන්ස් වලට යන්නට ඕනෙ. මොකද මේකෙ කළු ආර්ථිකය ලොකුයිනෙ මේ ආර්ථිකය වගේ තුන් හතර ගුණයක්. ඒක නිසා තමයි රාජ්‍ය සේවකයින්ට පඩි වැඩිකරන්න බැරි. විශාල කළු ආර්ථිකයක් තියෙනවා මේ දේශපාලන පක්ෂ හරහා. දැන් මට පුළුවන් මගේ සියලුම ව්‍යාපාර වෙනුවට ඊට වැඩිය හොඳට මේ ව්‍යාපාරය කරන්න. මව්බිම ජනතා පක්ෂය. ඇයි ? බදුවලින් තොරයි, ඊපීඑෆ් ඊටීඑෆ් නෑ. දැන් අනුර කුමාරම කියන විදිහට එයාට 8000 ක් ඉන්නවානෙ ලංකාව පුරා කාඩර්ස්ලා. මේ අයට ඊපීඑෆ් ගෙවනවාද, ඊටීඑෆ් ගෙවනවාද ? ලංකාවේ සේවය ගන්න බෑනෙ ඊපීඑෆ් ඊටීඑෆ් නොගෙවා. ඔය ඉදිරිපත් වෙලා ඉන්න තුන්දෙනාගෙන් කවුරු ආවත් මේක තවදුරටත් පවත්වාගෙන යනවා මිසක් වෙනස් කරන්නෙ නෑ”

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (03) කොළඹ පිහිටි සර්වජන බලය පක්ෂ කාර්යාලයේදී කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ සාමාජිකයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...