රනිල් ඔයා බොරු බයක් හදන්න එපා.අපි IMF එකෙන් අයින් වෙන්නේ නැහැ – අනුර සහතික වෙයි

Date:

කොළඹ LNW: මේ වන විට රටේ සමස්ත ක්‍රියාවලියම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ගැට ගැසී ඇති හෙයින් ජාතික ජන බලවේගය එම වැඩසටහනෙන් කිසිදු ආකාරයකින් ඒක පාර්ශවීයව ඉවත් වීමක් සිදුනොකරන බවට සහතික වන බව එහි නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ, ඊයේ (03) කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ ජාතික ව්‍යාපාරික සමුළුව අමතමිනි.

මේ මොහොතේ කවුරුන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඒක පාර්ශවීයව ඉවත් වන බව ප්‍රකාශ කරන්නේ නම් ඔවුන් රට මෙන්ම පුරවැසියා පිළිබඳ වගවීම අතහැරීමක් බවයි දිසානායක මහතා කියාසිටියේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දී තිබෙන ආර්ථික ඉලක්ක රටට අයහපත් නොමැති නමුත් ප්‍රශ්න මතුවන්නේ එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී වන හෙයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක හා සිය ආර්ථික ඉලක්ක සම්බන්ධයෙන් වන සාකච්ජාවක් මත එම රාමුව තුළ හිදිමින් කටයුතු කරන බවටයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම එම ආර්ථික ඉලක්ක බිඳ වැටීමට ඉද නොදෙන බව ඔහු ප්‍රකාශ කළේය.

එසේ ප්‍රකාශ කර තිබියදී ජනාධිපතිවරයා විසින් සමාජයට අනියත බියක් ඇති කරමින් සිටින අතර ඔහු සැලසුම්සහගතව ආර්ථික අර්බුදයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් ක්‍රියා කරමින් හිදින බවටයි අනුර දිසානායක මහතා චෝදනා කළේ.

කෙසේවෙතත් ජාතික ජන බලවේගය ජනාධිපතිවරයාගේ ගොදුරක් බවට පත් නොවන බවද දිසානායක මහතා ප්‍රකාශ කරන ලදී.

”ජාතික ජන බලවේගය බලය ලබාගතහොත් ආර්ථිකය විශාල කඩා වැටීමකට භාජනය වෙයි කියල බියක් ඇති කරන්න හදනවා. කොටස් වෙළෙඳපොලේ මේ දවස්වල සිදුවෙන බිඳ වැටීම පවා හුවාදක්වන්න උත්සහ කරමින් තිබෙනවා ජාතික ජන බලවේගයේ වර්ධනය විසින් තමයි කොටස් වෙළෙඳපොලේ මේ වැටීම සිදුවෙමින් යන්නේ කියල. ඒ නිසා අපේ පැත්තෙන් මූලික පැහැදිලි කිරීමක් කරන්න වෙයි කියල කල්පනා කළා. මොකක්ද මේ බිඳ වැටීම ගැන සත්‍ය කතාව කියල. අපි දීර්ඝ කාලයක් දේශපාලනයේ නිරත වූ අය. අපි පළමු අවස්ථවට තමයි රාජ්‍ය බලය ලබාගන්න ආසන්නයට ඇවිත් තිබෙන්නේ. ඒ වගේම ආර්ථිකය බිඳ වැටීමත් විසින් ජනතාව විසින් දක්වන ප්‍රතිචාරය අපි පසුගිය 20201, 2022 වසරවල දැක්කා. බලයට පත්වුණු ජනාධිපතිවරයට වසර දෙකකින් පලා යන්න සිද්ධ වුණා. දීර්ඝ කාලයක් දේශපාලන අරමුණක් සහිතව වැඩකරලා මාස හයෙන් පලා යන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි හදයිද? ඒ විතරක නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලැබී තිබෙනවා එම බිඳ වැටීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ මොහොතේ හිටපු මහ බැංකු අධිපතිවරයා වගඋත්තරකරුවෝ බවට පත්වෙලා තියෙනවා. එවැනි තීන්දුවක් ලබා දී තිබියදී අපි යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ වැරදි කරුවන් බවට පත්වෙයිද? නෑ. ඒ නිසා පළමුකොටම අපි ඔබට සහතිකයක් දෙනවා මේ තියෙන ආර්ථිකය කිසිදු ආකාරයකින් බිඳ වැටෙන්න ඉඩ නොදී මේ ආර්ථිකය තවත් ස්ථාවර හා සවිමත් කරමින් ඉදිරියට ගෙනයාම තමයි ජනතාව සහ අපි අතර තියෙන සම්මුතිය. ඒ වගේම අපි තේරුම් අරන් තියෙනවා අපිට ලැබෙන්නේ මොනවගේ ආර්ථිකයක්ද කියල. ජනප්‍රිය සටන් පාඨ අපිට නැහැ. තැපැල් ජන්ද 4,5,6. රාජ්‍ය සේවකයින්ට අද බෝනස් ලැබෙනවා. එතකොට කවුද ජනප්‍රිය දේශපාලනයේ ඉන්නේ කියල පේනවා. එක්කෙනෙක් වැටුප් වැඩිවීම 25000 කිව්වම අනෙක් අය අවම වැටුප 57 500 කියනවා. අපි ඉතා ගැඹුරින් තේරුම් අරන් තියෙනවා මේ ආර්ථිකය කඩා වැටීමේ බරපතලකම. ඒ නිසා ක්ෂණිකව ඇතිකරන විශාල කම්පනයක් මේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නැහැ. ක්ෂණික වෙනස්කම් ඇති කළ හැකි තැන් තිබෙනවා. හැබැයි ඉතා සිහින් නූලකින් තමයි මේ ආර්ථිකය ගැට ගැහිලා තියෙන්නේ, ඒ නිසා මේ ආර්ථිකයට ඇතිකරන කුඩා වෙනසක් පවා මාරාන්තික,බරපතල ව්‍යසනයක් ඇති කළ හැකියි.” යනුවෙන් ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...