අර අයියල දෙන්නගෙන් කවුරු ආවත් එකයි.මේක ග්‍රීසිය වගේ වැටෙනවා – රාජිත

Date:

කොළඹ LNW: රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ගෙන යන වර්තමාන වැඩපිළිවෙල වෙනසකට ලක් කළහොත් ග්‍රීසියට සිදු වූ දේ මේ රටටත් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණ වෙනුවෙන් මතුගමදී පැවති මහජන රැළිය අමතමිනි.

බංකොලොත් රටක් වසර එකහමාරකින් ගොඩගත් එකම නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයට එක්වන විට දියුණු රටක නම් වෙන කිසිම කෙනෙක් මෙලෙස ජනාධිපතිකම ඉල්ලා ගෙන තරඟයට නොපැමිණෙන බවයි සේනාරත්න මහතා කියා සිටියේ.

”මේ පරිවර්තනය කරන්න ගියේ අවුරුදු එකහමාරයි.තමුන්නාන්සේලා මතක තියා ගන්න ලෝක ඉතිහාසයේ කිසිම රටක් අවුරුදු එකහාමාරකින් බංකොලොත්භාවයෙන් එළියට අරන් නැහැ. ලෝක ඉතිහායේ ලියවෙනවා රනිල් වික්‍රසිංහ කියන නායකයා අවුරුදු එකහමාරකින් බංකොලොත් රටක් ගොඩගත්තා කියල. අන්න ඒක මතක තියාගන්න. අපේම මාතෘ භූමියෙන් උපන් නායකයෙක් මෙහෙම කරන්නේ. අපි කොච්චර සතුටු වෙන්න ඕනද?අපිට ඉස්සෙල්ල ග්‍රීසිය වැටුණා. අවුරුදු 10ක් ගියා බංකොලොත්භාවයෙන් ගොඩඑන්න. පිළිකාවට බෙහෙත් බොද්දි අමාරුයි. කොන්ඩේ යනවා. කලුවෙනවා. කටවල් පැලෙනවා. කන්න බෑ. කාලකන්නියෙක් වගේ. ඒත් බෙහෙත් බොනවා. මොකද ජීවිතේ බේරගන්න. කිසිදවසක පැණි රස බෙහෙත් නෑ. බෙහෙත් තිත්තයි. ඔපරේෂන් අමරුයි. මැරෙනවා ජීවිතේ බේරගන්න ගිහින්. ඒවගේ තමයි අපේ රටත්. ග්‍රීසියේත් එහෙම වැඩපිළිවෙලක් යද්දී මේ රටේ වගේ විපක්ෂ නායකයෙක් හිටියා. මම තමුන්නාන්සේලාට සහන දෙනවා කියල ගත්තා ආණ්ඩුව. මොකද වුණේ මාස තුනයි දුවන්න පුළුවන් වුණේ. මිනිස්සු පාරට බැහැල එලෙව්වා. තුන්වෙනි අගමැති ආවා. එයා ඇවිත් මාස හතරයි එයාවත් දොට්ට දැම්මා. අවුරුද්දට ආණ්ඩු හතරක් පිහිටෙව්වා. අග්‍රාමාත්‍යවරු හතරක් පත්කලා. මේක වෙනස් කළොත් මෙහාටත් වෙන්නේ ඔන්න ඔය ටික තමයි. කරන්න පුළුං එකම දේ අගමැතිවරුයි ආණ්ඩුයි මාරුකර කර ඉන්න පුළුවන්. මේවා අපිට තියෙන පාඩම්. මේ පාඩම් දැක දැක රෑ වැටුණු වලේ දවල් වැටෙන්න නෙවෙයි. අන්තිමට ග්‍රීසියෙන් IMF එක යන්න ගියා. රට ගොඩ එන්න අවුරුදු 10ක් ගියා. අපිටත් වෙන්නේ ඕක තමයි අර අයියල දෙන්නගෙන් කවුරු ආවත්.”

තමන් එදා විපක්ෂයේ සිට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යමින් තිබුණු වැඩපිළිවෙල ගැන මාස හතරක් නිහඬව බලාසිටි අතර එදා තමන් විපක්ෂයේ සිටියද වික්‍රමසිංහ මහතා ගිය ගමගේ හොඳ දුටු බව රාජිත සේනාරත්න මහතා තවදුරටත් සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...

නවීණ තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා...