මාස තුනක් ඇතුළත සහන දෙන්න. බැරිනම් ඉල්ලා අස්වෙලා යන්න – තිස්ස

Date:

ඉදිරි මාස තුන ඇතුළත ජනතාවට සහන ලබා දීමට නොහැකි නම් ඒ ගැන පැහැදිලිව රටට කියා ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

ඒ, අද (07) උදෑසන මහර නගරයේ පැවති විරෝධතාවකට එක්වෙමිනි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා තවමත් ජනතා හඬට ඇහුම්කන් නොදෙන තත්ත්වයක් පවතින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”අඩුම ගානේ මේ ජනතාව පිටකරන වේදනාවට ඔවුන්ගේ පීඩනයට ඇහුම්කන් දීලා මූලික ප්‍රශ්නවලට උත්තර ටිකක් ලබාදෙන්න සැලසුම් කරන්න. ඒ අතරතුර මිනිස්සු ඉල්ලනවා ජනාධිපති ක්‍රමයම වෙනස් කරන්න ඕනේ කියල. අපි කිව්වා මේ වෙලාවේ අවශ්‍ය නීති රීති ටික වෙනස්කරගන්න අපි ඔක්කොම එකට එකතුවෙලා ඒ දේ කරමු කියල. තාමත් ඇහුම්කන් දෙන්නේ නැහැ. තාමත් ජනාධිපතිවරයා හැංගිලා මේ රටේ ජනතාව ඉල්ලන දේවල් ඉෂ්ට නොකර මඟහරින්න උත්සහ කරනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපේ ස්ථාවරය වහාම මේ මාස තුන ඇතුළත මේ රටේ ජනතාවට ලබාදෙන ඉන්ධන ටික, බෙහෙත් ටික, ආහාර, විදුලි බලය මේවා යථා තත්ත්වයට පත්කරන්න ඕනේ. ඒ ටික කරන්න බැරි නම් ඉතාමත් පැහැදිලිව රටට කියල ජනතාවගෙන් සමාව අරගෙන ජනතාවට ආණ්ඩුවක් තෝරාගන්න ජනාධිපතිවරයෙක් තෝරාගන්න ඉඩකඩ දෙන නීතිය පාර්ලිමේන්තුවට ගෙනල්ලා අපි ජනතාවට ඒ අවස්ථාව ලබාදෙමු කියල මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.” යනුවෙන් අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...