ශ්‍රී ලංකාව සමඟ පවත්නා ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා බංග්ලාදේශයේ ආයතනික අංශය සූදානම් වේ

Date:

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගැඹුරු ඓතිහාසික හා සංස්කෘතික සබඳතා පවතින බවත්, දෙරට අතර පවත්නා ආර්ථික සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා කාලය එළඹ ඇති බවත්, බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය. බංග්ලාදේශයේ වාණිජ හා කර්මාන්ත සම්මේලනයේ (FBCCI) සභාපති ජශීම් උද්දීන් මහතා සමඟ 2022 අප්‍රේල් 3 වැනි දින ඩකා හි දී පවත්වන ලද හමුවක් අතරතුර මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා විසින් මෙම අදහස පිළිබඳව අවධාරණය කරන ලදී.

දෙරටේ අපනයන කූඩය විවිධාංගීකරණය කිරීමේ අවශ්‍යතාවය සහ දැනට සාකච්ඡාවට බඳුන්ව ඇති යෝජිත වරණීය වෙළඳ ගිවිසුම (PTA) අවසන් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මහ කොමසාරිස්වරයා සහ සභාපතිවරයා මෙහිදී සාකච්ඡා පැවැත්වූ හ.

වෙළඳාම, සංචාරක ව්‍යාපාරය, නාවික කටයුතු, බලශක්තිය, ආයෝජන, කෘෂිකර්මය, සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා පැවැත්විණි. අවධානය යොමු වන අංශ ප්‍රවර්ධනය කිරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය ගෙන ඇති මුලපිරීම් පිළිබඳව විස්තර කළ මහ කොමසාරිස්වරයා, සක්‍රීය ආර්ථික සහයෝගීතාවක නිරත වන අතරතුර යෝජිත මුලපිරීම් ක්‍රියාවට නැංවීම සඳහා FBCCI හි සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

මෙහිදී අදහස් දැක්වූ FBCCI හි සභාපති උද්දින් මහතා,  යෝජිත වරණීය වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සම්මේලනය සහ ව්‍යාපාරික ප්‍රජාවන් ඉහළ උනන්දුවක් දක්වන බවත්, යෝජිත වරණීය වෙළඳ ගිවිසුම හරහා රටවල් අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි බවත් සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා FBCCI හි සහයෝගීතාව දීර්ඝ කිරීමට ද එතුමා සිය එකඟත්වය පළ කළේ ය.

අන්‍යෝන්‍ය වශයෙන් පහසු මොහොතක ශ්‍රී ලංකාව තුළ සංචාරයක නිරත වන ලෙස මහ කොමසාරිස්වරයා FBCCI හි ව්‍යාපාරික නියෝජිත පිරිසට ආරාධනා කළේ ය. අනෙකුත් නිලධාරීන් ද සමඟ මහ කොමසාරිස්වරයාගේ ආරාධනාව පිළිගත් FBCCI සභාපතිවරයා, ඉදිරි දිනක මේ සඳහා නියෝජිත පිරිසක් සංවිධානය කරන බවද ප්‍රකාශ කළේ ය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් (වාණිජ) ශ්‍රීමාලි ජයරත්න මහත්මිය ද සහභාගී වූවා ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඩකා

2022 මාර්තු 06 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...