ජනතාව ජීවත් කරවීමේ වගකීම මම කළා – ජනපති

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ (LNW):

ගෙවී ගිය අසීරුම කාලයේ පැවති ආර්ථික අභියෝගය හමුවේ ජනතාවට අවශ්‍ය ආහාර,ඖෂධ, ඉන්ධන සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලමින් ඔවුන් ජීවත් කරවීමේ වගකීම ඉටු කිරීම නිසා අද බහුතර ජනතාවගේ උපහාරය තමා වෙත හිමිව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම උපහාරය තමා සතුටින් පිළිගන්නා බව පැවසු ජනාධිපතිවරයා ජනතාව දුක් විඳින විට එය බලා සිටිය නොහැකි වූ තමා ජනතාව වෙනුවෙන් රට ගොඩනැඟීමේ අභියෝගයට මුහුණ දුන් බවත් කීවේය.

ඊයේ (10) පස්වරුවේ නාරම්වල ප්‍රදේශයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේය.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර, ජන රැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ රටේ ජනතාව පෝලිම්වල දුක් විඳින විට සොයා ගැනීමටවත් නොසිටි සජිත්ට හා අනුරට තම අනාගතය භාර දීමට මේ රටේ ජනතාව සූදානම් නොමැති බවයි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය ගොඩනැගීමට එක් වූ පිරිසට රටේ අනාගතය ගොඩනැඟීමේ ශක්තියද ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා වූ වැඩපිළිවෙළ “පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළින් ඉදිරිපත් කර තිබෙන බවද කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!

සටහන – පුලී නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...