බ්‍රිතාන්‍යය ඉරාන ගුවන් සේවා අත්හිටුවයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සියලුම ඉරාන ගුවන් සේවා බ්‍රිතාන්‍යය විසින් අත්හිටුවා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම  සඳහා රුසියාවට බැලස්ටික් මිසයිල සැපයීම සම්බන්ධයෙන් ඉරානයට රටවල් රැසකින් චෝදනා එල්ල වී ඇත. ඇමරිකාව, ප්‍රංශය හා ජර්මනිය මේ හේතුවෙන් ඉරානයට නව සම්බාධක පනවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම පියවර හේතුවෙන් ඉරාන ජාතික ගුවන් සේවය වන ඉරාන් එයාර් ගුවන් ගමන් අත් හිටුවීමට බ්‍රිතාන්‍යය කටයුතු කර තිබෙන බව පැවසේ.එමෙන්ම චෝදනා එල්ල වූ ඉරාන ජාතිකයින් ගනනාවක් සඳහා සංචාරක තහනම් කිරීම් හා වත්කම්  තහනම් කිරීම ද ඊට ඇතුළත් වේ.

මේ අතර ලන්ඩනයට ගිය ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැවසුවේ ඉරාන හමුදා විසින්  කෙටි දුර බැලස්ටික් මිසයිල භාවිතා කිරීමට රුසියානුවන් පුහුණු කර ඇති බවයි. නමුත් රුසියාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහිව භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය...

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...