මිහින්තලේ හාමුදුරුවන්ට ඕන වෙලා තියෙන දේ!

Date:

කොළඹ LNW:මේ රටට අවශ්‍ය වන්නේ පෘතුගීසීන් ආක්‍රමණය කිරීමට පෙර පැවති නීතිය බවත් එය නිර්මාණය කර දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට පවසා ඇති බවත් මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට කුලියාපිටියේදී සංවිධානය කර තිබුණු මහජන රැළිය අමතමිනි.

”ඔය සිංහල බෞද්ධ කියාගත්තු පිරිත් නූල් කඹ ගණන් බැඳ ගත්තු ඔය නායකයෝ 48 ඉඳලා මේ දක්වා මේ රට පාලනය කරලා තියෙනවා දේවාලගම් පනතේ අල්ප මාත්‍රයක් වෙනතුරු සංශෝධනය කරලා නැහැ. මේ රට තියෙන්නේ පෘතුගීසිකාරයා යටත් කරගන්න පෙර තිබුණු අපේ රට නිර්මාණය කරලා දීපන් කියල අපි කිව්වේ සජිත් ප්‍රේමදාසට. ඊට පස්සේ ඔහු පිළිගත්තා අපිට අපේ රටේ තිබුණු නීතියයි අවශ්‍ය කියල. අද අපිට පුලුවන්ද සුද්ද ගැසට් කරලා තියෙන අවුරුදු එකසිය ගාණක් තියෙන පුරාවිද්‍යා නීතියට අනුව කොඩියක් දාන්න පුළුවන්ද? ලෙනක බුදු පිළිමයක් තියන්න පුළුවන්ද? අපේ තන්තිරිමලේ නායක හාමුදුරුවෝ අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක් තියනවා තන්තිරිමලේ. රන්වැටක් දැම්මා කියල පුරාවිද්‍යා එකෙන් නඩු දාලා. කෝ බෞද්ධකම මේ රටේ. මේ රට පාලනය කළ බෞද්ධ නායකයෝ මේක සංශෝධනය කළාද? සුද්දා යන කොට යතුරු දාලා ඉබ්බො දාලා යතුර අරන් ගිහින්. ඇරගන්න යතුර නැහැ.” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...