රැකියා ලක්ෂ 20ක්. ඩොලර් බිලියන 180 ඉක්මවූ ආර්ථිකයක් – නාමල් රාජපක්ෂ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ බලන තත්වයට පත්කිරීම මිස ඒවා විකිණීම රටට විකල්පයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“පාඩු ලබන රාජ්‍ය ආයතන තියෙනවා නම් ඒවා ලාබ ලබන ආයතන බවට පත්කරන්න අවශ්‍ය තීන්දු ගමු අපි. ඒවා විකිණීම නෙවෙයි විකල්පය. ඒවාට ආයෝජකයෝ ගේන්න ඕනෙ නම් අපි ආයෝජකයෝ ගෙනල්ලා ඒ ආයතන දියුණු කරමු. ඒ තුළ අපි අලුතින් රැකී රක්ෂා උත්පාදනය කරන්නම්. අපි විශ්වාස කරනවා මේ රටේ ඊළඟ අවුරුදු 10 ඇතුළත රැකියා ලක්ෂ 20ක් අපි හදන්න ඕනෙ. ඒ වගේම තමයි ලෝක වෙළඳපොලේ අවශ්‍යතා මත තමන්ගෙ අස්වැන්න නිෂ්පාදනයක් බවට පත්කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම සහ මූල්‍ය ප්‍රාග්ධනය ගොවීන්ට දෙන්න අපි සූදානම්. මම විශ්වාස කරනවා ඒ සඳහා ග්‍රාමීය බැංකු පද්ධතිය අපි පාවිච්චි කරන්න ඕනෙ. මම විශ්වාස කරනවා අපේ රටේ ආර්ථිකය ඩොලර් බිලියන 180 ඉක්මවූ ආර්ථිකයක් දක්වා අපට ගෙනියන්න පුළුවන්. ඒ දැක්ම සහ සැලැස්ම අප සතුව තියෙනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) අත්තනගල්ලේදී පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...