දිවුරුම් දෙන වේලාව ගැන රනිල්ගෙන් අනුරට පණිවිඩයක් ?

Date:

සැප්තැම්බර් 22 වනදා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ පසුව තමන් ක්ෂණිකව ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන බවත් ඉන් අනතුරුව ඉතා ක්ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනක කියලා තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන සගයින් පිරිසක් සමග පැවැත් වූ සාකච්ඡාවක් අතරේ එතන හිටපු එක් කෙනෙක් මේ කතාව ජනාධිපතිවරයාට කියලා. එතැනදී රනිල් එකපාරටම මෙහෙම කතාවක් කිව්ව ලු.

“අනුරට පණිවිඩයක් යවන්න කලබල වෙන්න එපා කියලා. මම වෙලාව බලලා තියෙන්නේ. මගේ කේන්දරේ බලපු අය මට දීලා තියෙන්නේ 22 වෙනිදා දවල් 2යි 4යි අතරේ වෙලාවක්. මම ඒ වෙලාවට ගිහිල්ලා දිවුරුම් දෙන්නම්. අනුරටත් ඒ වෙලාවට ඇවිල්ලා යන්න එන්න කියලා කියන්න. ඒ වගේම මෙතෙක් කරගෙන ආපු වැඩ ටික ඔය විදියටම කරගෙන යන්න කියන්න”

මේක අහපු හැමෝම හොඳටම හිනා වුණා ලු.

ජනාධිපති රනිල් මේක කිව්වේ ඇත්තටමද නැත්නම් විහිලුවටද කියන එක තීරණය කිරීම බාරවෙන්නේ ජනතාවට ….

රනිල් විහිළුවට වගේ කියපු සමහර දේවල් ඇත්ත වෙලාත් නැතුවාම නෙවෙයි ඉතින් ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...