වතු කම්කරුවන්ට සහනයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, කොළඹ (LNW):

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් , සීමාවකින් තොරව, දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතාගේ අත්සනින් යුතුවයි.

එම ගැසට් නිවේදනය අනුව සඳහන් වන්නේ, දෛනික අවම මූලික වැටුප රුපියල් 1350 ක් වන අතර , අමතරව නෙළන එක් තේ දළු කිලෝවක් සඳහාම රුපියල් 50 ක අමතර මුදලක් ගෙවිය යුතු වන බවයි.

රබර් වතු සමාගම්වල සේවය කරන සේවකයින් ලබාගන්නා අමතර එක් රබර් කිලෝවක් සඳහා මෙම අමතර ගෙවීම කළ යුතු වේ. ඒ අනුව ශ්‍රමිකයාගේ ඵලදායීතාවය අනුව සීමාවකින් තොරව ඉහළ දෛනික වැටුපක් ලබගත හැකිවේ.

මෙම ගැසට් නිවේදනයට අනුව වතු සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ගෙවීම සඳහා වන අවම සීමාවද රුපියල් 1350 දක්වා ඉහළ යයි. මෙම වැටුප් ඉහළ යාම සැප්තැම්බර් මස 10 වැනිදා සිට බල පැවැත්වෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...