Latest News -2024 ජනාධිපතිවරණය! දෙදෙනකු අතර තියුණු සටනක්!

Date:

අවසන් සතිය වන විටත් ජනාධිපතිවරණ ඡන්ද සටනේ ඉදිරියෙන්ම සිටින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව, 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් දින 07ක් පමණක් ඉතිරිව පවතිද්දී ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ ආයතනයක් සහ ඔත්තු සේවා මගින් සිදුකළ අවසන් මත විමසුම්වල ප්‍රතිඵල මේ වනවිට අදාළ ආයතන වෙත ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ මහතා අවසන් සතිය වනවිට 37%ත් 40%ත් අතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියෙන්ම සිටින බව එම මත විමසුම් මගින් අනාවරණ කොට තිබේ.

දෙවැනි ස්ථානයේ පසුවන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාය. ඒ මහතා 26%ත් 30%ත් අතර ඡන්ද ප්‍රමාණයක් ගනු ඇති බව එම වාර්තාවල සඳහන් කොට ඇත.

තුන්වැනි ස්ථානයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත්, සිවුවැනි ස්ථානයේ නාමල් රාජපක්ෂ මහතාත් පසුවන්නේ 15%ත් 20%ත් සහ 7%ත් 10%ත් අතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමිනි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය ආරම්භයේදී 35%ක් පමණ ප්‍රමාණයක්ව සිටි පාවෙන ඡන්ද ප්‍රමාණය මේ වනවිට 10% දක්වා පහත බැස ඇති බව එම සමීක්ෂණවලින් අනාවරණ කොට ඇත.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාත් අනුර කුමාර දිසානායක මහතාත් අතර දිස්ත්‍රික්ක 8ක් මුල්කරගෙන අතිශය තියුණු සටනක් මතුව ඇති බවද දැනගන්නට ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!

සටහන – පුලී නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...