විරාජිනිගේ ‘කැමෙලියා’ට 2024 ස්වර්ණ පුස්තකය හිමි වෙයි!

2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය විරාජිනි තෙන්නකෝන්ගේ කැමෙලියා කෘතියට හිමිවිය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 16 වැනි වරටත් සංවිධානය කළ මෙම උත්සවය ඊයේ(14)සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

අදාළ සම්මානය සමඟ විරාජිනි තෙන්නකෝන්ට මුදලින් රුපියල් ලක්ෂ අටහමාරක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණි.

මෙහිදී අවසන් වටයට නිර්දේශ වූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මැයි මාර ප්‍රසංගය, එරික් ඉලයප්ආරච්චිගේ තිවංක කතාව, මලිත් තුසිත ගුණරත්නගේ සිල්වර් ටිප්ස්, ලියනගේ අමරකීර්තිගේ කැළලිකාරයෝ යන නවකතා සඳහා රුපියල් ලක්ෂය බැගින් වන ත්‍යාග මුදල් සමඟ සහතිකපත් පිරිනැමිණි.

මෙම නවකතා ප්‍රකාශයට පත්කළ සරසවි, සන්ථව, ගොඩගේ, විදර්ශන සහ සූරිය යන ප්‍රකාශන ආයතනවලට ඇගයීමේ සම්මාන ප්‍රදානය කෙරිණි.

සම්මාන ප්‍රදානය හිටපු මහා කොමසාරිස්වරයකු වන මහාචාර්ය සසංක පෙරේරා සමග ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් සංගමයේ හිටපු සභාපතිවරු අතින් සිදුකෙරිණි.

ලංකාදීප

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම...