බඩෝවිට වෙඩිතැබීමෙන් තුවාල ලත් පුද්ගලයා මරුට !

0
292

සටහන – රුවන් නෙළුගොල්ල

ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි පුද්ගලයා මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි තරිඳු මදුෂාන් සුවාරිස් නම් 31 හැවිරිදි අයෙකි.

ඔහු බඩෝවිට හතරවැනි අදියරේ පිහිටි සිය නිවස ඉදිරිපිට සිටියදී ඊයේ රාත්‍රී 08.45 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර තිබිණි.

එයින් තුවාල ලැබූ ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම වෙඩිතැබීම කවුරුන් විසින් සිදුකළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.