වෙනිසියුලානු ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ඇමරිකාවට චෝදනා

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වෙනිසියුලාවේ එක්සත් සමාජවාදී පක්ෂය නියෝජනය කරන ජනාධිපති නිකොලස් මදුරෝ ඝාතනය කිරීම හා රට අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කළ බවට සැක කෙරෙන එක්සත් ජනපද පුරවැසියන් තිදෙනෙකු, ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනෙකු සහ චෙක් පුරවැසියෙකු අත්අඩංගුවට ගත් බව වෙනිසියුලානු රජය ප්‍රකශ කර තිබේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Diosdado Cabello පැවසුවේ ආයුධ සිය ගණනක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර රැඳවියන් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ අනෙකුත් ඉහළ නිලධාරීන් ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටි බවත්, CIA මෙම මෙහෙයුමට නායකත්වය දෙන අතර එය අපව පුදුමයට පත් නොකරන බවත්ය.

මෙම චෝදන්වන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තරයේම ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම ප්‍රකශය පැමිණෙන්නේ මතභේදයට තුඩු දී ඇති ජූලි 28 වැනිසියුලානු ජනාධිපතිවරනයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද රජය විසින් චෝදනා කරන ලද මදුරෝගේ සහචරයින් 16 දෙනෙකුට සම්බාධක පැනවීමෙන් දින දෙකකට පසුවය.

පසුගිය සතිය තුළ ස්පාඤ්ඤයේ පාර්ලිමේන්තුව, වෙනිසියුලාවේ විපක්ෂයේ අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් මැතිවරනයේ ජයග්‍රාහකයා ලෙස පිළිගත් අතර, ස්පාඤ්ඤය සමඟ වාණිජ හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවන ලෙස ස්පාඤ්ඤය වෙනිසියුලානු ආන්ඩුවෙන් කරන ලද ඉල්ලීම මදුරෝ සහචරයින් කෝපයට පත් කිරීමට සමත්ව ඇත.

2013 වසරේ සිට අඛණ්ඩවම මදුරෝ ජනාධිපතිධුරය දරන අතර වෙනිසියුලාවේ ආන්ඩුව මේ වන විට ජාත්‍යන්තර වශයෙන් හුදකලා වෙමින් තිබේ. ඔවුන් හා එක්සත් ජනපදය අතර ආතතීන් මැතිවරණයෙන් පසුව ද වැඩි වී ඇති අතර, එහි ප්‍රතිඵලය වෙනිසියුලාව තුළ විරෝධතා ඇවිලවූ අතර එහිදී විපක්ෂ ක්‍රියාකාරීන් සිය ගණනක් අත්අඩංගුවට ගනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...