කාශ්මීරයේ ස්වයං පාලනය අහිමි වීමෙන් පසු පළමු කලාපීය මැතිවරණය ආරම්භ වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දීය පාලිත කාශ්මීරයේ අර්ධ ස්වාධීනත්වය අහිමිවීමෙන් අනතුරුව අද(18) උදැසන ආරම්භ වූ පළමු කලාපීය මැතිවරණයේදී ජන්ද දායකයන් ජන්දය ප්‍රකශ කිරීම ආරම්භ කර ඇත.

මෙම මැතිවරණය හරහා ලියාපදිංචි ඡන්දදායකයින් මිලියන නවයක් විසින් හිමාලයානු කලාපයේ ආසන 90 ව්‍යවස්ථාදායකයේ සාමාජිකයින් තෝරා ගනු ඇත.
බදාදා පළමු අදියරේ ඡන්ද විමසීමෙන් පසු, දෙවන සහ තෙවන වටය සැප්තැම්බර් 25 සහ ඔක්තෝබර් 1 යන දිනවල පැවැත්වේ. ඡන්ද ගණන් කිරීම ඔක්තෝබර් 8 වන දින සිදු කෙරේ, ප්‍රතිඵල එදිනම අපේක්ෂා කෙරේ.

මෙවර කාශ්මීරය වෙනුවෙන් ප්‍රාදේශීය පක්ෂ සහ ප්‍රමුඛ කලාපීය කණ්ඩායමක් සමඟ සන්ධානගත වී ඇති ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය තරඟ වදින අතර වැඩිවන මත්ද්‍රව්‍ය භාවිතය සහ විරැකියාව(18.3%) වැනි දේශීය අභියෝග මෙවර මැතිවරණයේ තීරණාත්මක මැතිවරණ පොරොන්දු වේ.

පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉන්දිය පාලිත කාශ්මීරයේ ස්වයං පාලනය අහෝසි කිරීමත් සමඟ ඉන්දියාවේ එකම මුස්ලිම් බහුතරයක් වසන කලාපය තුළ කෝපය සහ භීතිය වර්ධනය කර ඇත. කාශ්මීරය 1947 සිට අසල්වැසි පාකිස්තානය සමඟ ආරවුලක කේන්ද්‍රස්ථානය වී ඇති අතර ඉන්දියාව සහ පාකිස්තානය යන දෙකම කලාපයට පූර්ණ ලෙස හිමිකම් කියන නමුත් අර්ධ වශයෙන් එය පාලනය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...