ලෙබනනයේ නැවත පිපිරීම් මාලාවක් මෙවර ඉලක්කය වෝකි-ටෝකි

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෙබනනයේ නැවත වරක් පිපිරීම් මාලාවක් සිදුව ඇති අතර මෙවර වෝකි ටෝකි ඉලක්ක කරගෙන තිබේ.

මේ හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තවත් 450 දෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවාස, වෙළඳසැල් සහ වාහන විශාල සංඛ්‍යාවක් ගින්නෙන් විනාශ වී ඇත.

මෙම පිපිරීම් සිදු වන්නේ ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ලෙබනනය පුරා පේජර් උපකරණ පිපිරීම් මාලාවක් හේතුවෙන් 8හැවිරිදි දැරියක් ඇතුළුව 12 දෙනෙකු මියගොස් 2,800 තුවාල ලැබීමෙන් දිනකට පසුවය.

මෙම ප්‍රහාරයද ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කරන ලද්දක් ලෙස සැලකෙන අතර ඔවුන් ලෙබනනයේ සමස්ත සන්නිවේදන ජාලයම ඊශ්‍රායලය විසින් රිංගා ඇති බවට විය හැකි ඇඟවීමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...