ජන්ද බෙදී ගොස් ඇති හැටි මෙන්න!

Date:

කොළඹ LNW:දිවයින පුරා මධ්‍යස්ථාන 13421දී විමසීමට නියමිත 2024 ජනාධිපතිවරණ ජන්ද විමසීමට අදාළව ඡන්ද දායකයින් 17,140,354ක් සුදුසුකම් සපුරා තිබේ.

ඒ අනුව මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්දදායකයින් සහිත දිස්ත‍්‍රික්කය ගම්පහ දිස්ත‍්‍රික්කය වන අතර ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,881,129 දෙනෙකු බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

කොළඹ දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,765,351 ක් වන අතර කළුතර දිස්ත‍්‍රික්කයෙන් 1,024,244ක් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇත.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,417,226 කි. මහනුවර දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 1,191,399 ක් වන අතර
රත්නපුර දිස්ත‍්‍රික්කයේ එම සංඛ්‍යාව 923,736ක් ලෙසයි දැක්වෙන්නේ.

ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් 903,163ක් ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා ඇති අතර මාතර දිස්ත‍්‍රික්කයේ සංඛ්‍යාව 686,175ක් ලෙස දැක්වෙයි. හාම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 520,940කි.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් 741,862ක් සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් 709,622ක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇත.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ එම සංඛාව දැක්වෙන්නේ 705,772ක් ලෙසයි.

පුත්තලම දිස්ත‍්‍රික්කයේ 63,673 දෙනෙක්ද නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ 605,292ක්ද යාපනය සහ කිලිනොච්චිය ඇතුළත් යාපනය මැතිවරණ දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 593,187ක්ද ලෙස ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා තිබේ.

දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 555,432කි.

මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 449,686ක් ලෙසයි මැතිවරණ කොමිසම දක්වා ඇත්තේ. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 315,925කි.

මාතලේ දිස්ත‍්‍රික්කයෙන් ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 429,991 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර මොනරාගල දිස්ත‍්‍රික්කයේ එම සංඛ්‍යාව 399,166 ක් ලෙසයි දැක්වෙන්නේ.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 351,302කි.

අඩුම ඡන්ද දායකයින් පිරිසක් සහිත මැතිවරණ දිස්ත‍්‍රික්කය බවට පත්ව ඇත්තේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයයි. වව්නියාව, මන්නාරම සහ මුලතිව් ඇතුළත් එම මැතිවරණ දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 306,081ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව සමස්ත ජන්ද දායකයින් එලෙස රට පුරා විසිරි සිටින අතර පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක මෙම ජන්ද විමසීමේ කටයුත්ත සඳහා සක්‍රීයව දායක වන ලෙසත් ජන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කණ්ඩායම් ගැසී තැනින් තැන රැස්වීමෙන් වැළකී නිවෙස් තුළ රැඳී සිටින ලෙසත් මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...