ගාලු මුවදොර පිටිය උතුරා යන පොදු ජන විරෝධය (PHOTOS)

Date:

මේ මේ වන විට ගාලු මුව දොර පිටියට දිවයිනේ විවිධ දෙසින් විශාල ජනතාවක් රැස්වෙමින් සිටින අතර අද උදෑසන සිටම එහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහිව විරෝධතා පැවැත්වෙයි.

පැය 48ක් අඛණ්ඩව මෙම විරෝධය ක්‍රියාත්මක අතර ජනතාව තවදුරටත් අවධාරණය කරමින් සිටින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවම ගෙදර යා යුතු බවයි.

තවදුරටත් බලයේ රැඳී සිටීමට කිසිදු අයිතියක් ඔවුන්ට නැති අතර වහාම බහුතර ජනතාවකගේ හඬට කන් දිය යුතු බවටයි විරෝධතාවට එක්ව සිටින්නන් පවසන්නේ.

සමාජයේ විවිධ තරාතිරම්වල සිටින පුද්ගලයින් මෙම පොදු ජන විරෝධයට එක්ව සිටින බව පෙනෙන්නට තිබෙයි.

පොදු ජන අරගලය සමඟ කලාකරුවන්,වෘත්තීය සමිති නායකයින්,වෘත්තිකයින්,තරුණ තරුණියන් ඇතුළු බොහෝ පිරිස් අද ගාලු මුවදොර පිටියට එක් රැස්ව සිටින අයුරු දිස්වෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...